ජපානය “PROMISES” (පොරොන්දු) ව්‍යාපෘතිය හරහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) හවුල්කාරීත්වය යටතේ ගර්භණී කාන්තාවන් හා නව යොවුන් වියේ ගැහැණු දරුවන් සඳහා හදිසි ඖෂධ සහ භාණ්ඩ ලබාදෙයි
2022/8/9

අගෝස්තු 8 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් කාන්තාවන් සහ තරුණියන් සඳහා අවශ්‍යවන, ආසන්න වශයෙන් රුපියල් මිලියන 26 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ගරු ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකරන ලදී. මෙම හදිසි ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) හවුල්කාරීත්වය යටතේ, “කාන්තාවන් සහ යෞවන යෞවනියන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු සහ සේවාවන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ” [“Project for the Improvement of Access to Information and Services of Sexual and Reproductive Health and Rights and Gender-based Violence for Women and Young People (PROMISES)”] කොටසක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෙදුණි. මෙම භාරදීමේ උත්සවයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ අදෙනියි මහතා විසින්ද තරුණියන් හා කාන්තාවන් සඳහා ලබා දෙන ආධාරවල වැදගත්කම අවධාරණය කරන ලදී.
ගර්භණී කාන්තාවන් 215,000 ක් සහ නව යොවුන් වියේ ගැහැණු දරුවන්ගේ යහපැවැත්ම සඳහා වන අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පියවා ගැනීම පිණිස ගර්භණී කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍යය සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ සහ ඖෂධ (ඔක්සිටොසීන්, මිසොප්‍රොස්ටොල් සහ මැග්නීසියම් සල්ෆේට්) රට පුරා බෙදාහැරීමට නියමිතය.

එහිදී අදහස් දැක්වූ තානාපති මිසුකොෂි මහතා, හදිසි ආධාරවල වැදගත්කම පෙන්වා දෙමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා අප විසින් ලබාදෙනු ලබන සහය මෙරටේ තරුණියන් හා කාන්තාවන් විසින් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව තමා සතුටට පත්වන බව ප්‍රකාශ කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා, දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපානය විසින් ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධ ක්ෂේත්‍රයන් උදෙසා අඛණ්ඩව සහයෝගය දැක්වීමටත්, මෙම අභියෝගාත්මක වකවානුුව තුළ සමීපව කටයුතු කිරීමටත් කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.
“PROMISES” ව්‍යාපෘතිය ජපානය ශ්‍රී ලංකාව හවුල්කාර රටක් ලෙස තෝරා ගත් “G7 කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව හවුල්කාරිත්ව මුලපිරීම” [“G7 Women, Peace, and Security (WPS) Partnership Initiative”] රාමුව යටතේ, වර්ෂ 2019 අප්‍රේල් මස දියත් කරනු ලැබූ අතර, මේ වනවිට ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක පමණ ආධාර ලබාදී ඇත.