ජපාන රජය විසින් සුප්‍රකට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හට “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීම ප්‍රකාශයට පත්කරයි
2022/5/2

වර්ෂ 2022 අප්‍රේල් මස 29 වන දින, ජපාන රජය විසින් "The Order of the Rising Sun" සම්මානලාභීගේ නම් ප්‍රකාශයට පත්කරන ලදී. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශාස්ත්‍රීය හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන ලද සුවිශේෂි දායකත්වය අගයමින් ගෞරවනීය ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනෙකු, මෙවර වසන්ත ඍතුවේදී සිදුවන සම්මාන පිරිනැමීමේදී මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත.
දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා “The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon” හා කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය “The Order of the Rising Sun, Gold Rays with Rosette” යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකුද වූ දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා, ශ්‍රී ලංකාව තුළ ජපන් අධ්‍යයන වැඩසටහන ප්‍රවර්ධනය කළ අතර, ජපන් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයකම බාහිර ශාස්ත්‍රඥයෙකු ලෙස ඉගැන්වීම් වල යෙදීමෙන් හා ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමෙන් අධ්‍යාපනික හා ශාස්ත්‍රීය අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමට කටයුතු කළේය. වර්ෂ 1987දී ඔහු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාපීය අධ්‍යයන වැඩසටහන වන, ජපන් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා - ජපන් සබඳතාවයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු විසින් සංස්කරණය කර කොළඹ විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ වෙළුම එම විෂයය පිළිබඳ වටිනා මූලාශ්‍ර ග්‍රන්ථයකි. මහාචාර්ය ලක්ෂ්මන් මහතා Lanka Nippon Biztech ආයතනයේ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජපාන විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ සහයෝගීතාවය ප්‍රවර්ධනය කළ අතර, රියොකොකු විශ්වවිද්‍යාලය, සගා විශ්වවිද්‍යාලය සහ ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසකට ද දායක විය.
කල්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය සිය සැමියා වන දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සමඟ ජපානයේ රැඳී සිටි කාලයේදී ජපන් භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය ලබා ඇති අතර, 1983 දී දේවි බාලිකා විද්‍යාලය, ලින්ඩ්සේ උසස් බාලිකා විද්‍යාලය සහ යෝසෝදරා දේවි බාලිකා විද්‍යාලය ඇතුළු පාසල් වල විෂය මාලාවට ජපන් භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීම හඳුන්වා දීමට පුරෝගාමී වූවාය. එමෙන්ම ඇය රූපවාහිනී සංස්ථාව මගින් සංවිධානය කරන ලද ජපන් භාෂාව ඉගැන්වීමේ වැඩසටහන් සඳහාද සහභාගී වූවාය. ජපන් සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් ඇති ලක්ෂ්මන් මහත්මිය දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන කාලයේදී කරාතේ ක්‍රීඩාව, එස්5 ක්‍රමය සහ “ජපන් දිනය” එම විද්‍යාලයට හඳුන්වා දුන්නාය. ජපානය කෙරෙහි ඇය තුළ ඇති අප්‍රමාණ ගෞරවය හා සෙනෙහස තුළින්, ලක්ෂ්මන් මහත්මිය ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උද්‍යෝගයෙන් කටයුතු කර ඇත.
ජපානය සහ ශ්‍රී ලංකාව විසින් ඒ්කාබද්ධව සමරනු ලබන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 70 වන සංවත්සරය යෙදෙන මොහොතේ, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ කල්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය මෙම සම්මානයට පාත්‍රවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලය සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
ජපානය සහ ශ්‍රී ලංකාව විසින් ඒ්කාබද්ධව සමරනු ලබන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 70 වන සංවත්සරය යෙදෙන මොහොතේ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ කල්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය විසින් ලබාගත් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ජපන් තානාපති කාර්යාලය සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
“The Order of the Rising Sun” සම්මානය ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින්, ජපානය සමග මිත්‍ර සබඳතා වර්ධනය කිරීම උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විදේශීය ජාතිකයින් හට පිරිනමනු ලබයි.