ජපානය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ‌සෞඛ්‍ය සඳහා අතිරේක සහාය ලබා දීමට තීරණය කරයි

2022/9/19
දැනට පවත්නා අභියෝගාත්මක ආර්ථික හා මානුෂීය තත්වයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර ඇමරිකානු ඩොලර්  මිලියන  3.5 ක හදිසි ආධාරයක් සැප්තැම්බර් මස 16 වෙනි දින,  ලබාදීමට ජපන් රජය තීරණය කළේය.
 
මෙම හදිසි ආධාර ප්‍රදානය මගින් ලෝක ආහාර වැඩසටහන (WFP) යටතේ, ඩොලර් මිලියන 2ක් වටිනා ආහාර බෙදා හැරීම ද  ජාත්‍යන්තර රතු කුරැස සහ රතු අඩසඳ සංවිධාන (IFRC) හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා ආහාර, පෝෂණ, සෞඛ්‍ය, සනීපාරක්ෂාව හරහා මානුෂීය  ආධාර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම ද සිද්ධවේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ඇමරිකානු ඩොලර්  මිලියන 0.5ක් වටිනා පෝෂණීය දෑ  ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ලබා දීම ද සිදුවේ.
 
මැයි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද, මීට පෙර ක්‍රියාත්මක කරන ලද  ඇමරිකානු ඩොලර්  මිලියන 3ක් වටිනා ආධාර ප්‍රදානයත් ඇතුළුව වර්ථමාන තත්වයට ප්‍රතිචාර ලෙස මේ වන විට ජපානය විසින් ලබා දෙන ලද සමස්ථ ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර්  මිලියන 6.5 ක් වෙයි. ජපානය සමග ඉතා දිගු මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකා වැසියන් මෙම අවස්ථාවෙි මුහුණ දෙන දුෂ්කරතා මග අරවා ගැනීමට මෙම ආධාරය මහෝපකාරී වනු ඇතැයි ජපානය බලාපොරොත්තු වේ.
 
70 වසරකට පෙර  ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කල දින සිට එනම්,  1951 සැප්තැම්බර් 6 වැනි දින සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී අතිගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමා ‌ ඓතිහාසික උත්තරීතර දේශණයක්  කළ දා පටන් ශ්‍රී ලංකාවට සැබෑ මිතුරෙකු ලෙස ජපානය සෑමවිටම සහය වී ඇත. (1) ගුණාත්මක වර්ධනය ප්‍රවර්ධනය කිරීම, (2) සංවෘත වර්ධනය සඳහා සංවර්ධන සහයෝගීතාවය ලබා දීම සහ (3) අවදානම් අවම කිරීම යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් යටතේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අඛණ්ඩව  ජපානයෙන් බිලියන 140 කට වඩා ආධාර ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇත.
 
 2022 වර්ෂයේදී පමණක් (සැප්තැම්බර් 16 වෙනි දින වන විට), ජපානය දළ වශයෙන් ඩොලර් මිලියන 36.5ක ආධාර ප්‍රදාන විශේෂයෙන් ප්‍රමුඛ ක්ෂේත්‍ර (2) සහ (3) යටතේ ලංකාවට ලබා දී ඇත. මෙම ආධාර ජපානය විසින් ක්ෂණික, මධ්‍ය කාළීන සහ දිගු කාළීන ආධාර වශයෙන් ලබා දී ඇ.ත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංවර්ධනය සඳහා ධාරිතාව සහ ශක්‍යතාව වැඩිදියුණු කරන අතර මෙවැනි හදිසි අවශ්‍යතා වලට විසදුම් ලබාදීමක් ද වශයෙනි.
 
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා  අපගේ සහයෝගය අඛණ්ඩව සපයනවා මෙන්ම මෙම‌ මස අගදී සිදුවීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල්  වික්‍රමසිංහ මැතිතුමාගේ ජපාන  සංචාරය තුළින් ද අපගේ ද්වීපාර්ශවික සබඳතා ගැඹුරු මානයකට රැගෙන යාමට අපි කටයුතු කරන්නෙමු. ශ්‍රී ලංකාවේ ජනතාව සහ ජපානය අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ජපන් තානාපති කාර්යාලය බලාපොරොත්තු වේ.

2022 දී ශ්‍රී ලංකාවට ජපානය විසින් ලබාදෙන ලද ආධාර ප්‍රදානයන් පිළිබඳ දළ සටහන