ජපානය ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක හදිසි ආධාරයක් ලබා දීමට අත්සන් තබයි
2022/9/30

ජපානය, ශ්‍රී ලංකාවෙි දැනට පවත්නා අභියෝගාත්මක ආර්ථික හා මානුෂීය තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක හදිසි ආධාරයක් ලබා දීමට අදාළ නිළ පත්‍රිකා වලට අත්සන් තැබීම සැප්තැම්බර් මස 16 වෙනි දින, රෝමය, ජිනීවා සහ නිව්යෝර්ක් හී පිහිටි ජපන් තානාපති කාර්යාල වලදී, ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යාන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම් (IFRC) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) යන ආයතන වල මූලස්ථානයන් සමග එක්ව සිදුකරන ලදී.
මෙම හදිසි ආධාර ප්‍රදානය මගින් ලෝක ආහාර වැඩසටහන (WFP) යටතේ, ඩොලර් මිලියන 2ක් වටිනා ආහාර බෙදා හැරීම ද ජාත්‍යාන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම් (IFRC) හරහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක් වටිනා ආහාර, පෝෂණ, සෞඛ්‍ය, සනීපාරක්ෂාව හරහා මානුෂීය ආධාර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම ද සිද්ධවේ.එමෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ඇමරිකානු ඩොලර් මිලියන 0.5ක් වටිනා පෝෂණීය දෑ ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ලබා දීම ද සිදුවේ.

මැයි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද, මීට පෙර ක්‍රියාත්මක කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වටිනා ආධාර ප්‍රදානයත් ඇතුළුව වර්තමාන තත්ත්වයට ප්‍රතිචාර ලෙස මේ වන විට ජපානය විසින් ලබා දෙන ලද සමස්ථ ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් වෙයි. ජපානය සමග ඉතා දිගු මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකා වැසියන් මෙම අවස්ථාවේ මුහුණ දෙන දුෂ්කරතා මග හරවා ගැනීමට මෙම ආධාරය මහෝපකාරී වනු ඇතැයි ජපානය බලාපොරොත්තු වේ.
ජපානය, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා මෙන්ම මෙවැනි හදිසි අවශ්‍යතා වෙනුවෙන් ද ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් දැනට පවත්නා සහ අනාගතයේදී ද ආධාර අඛණ්ඩව සපයමින් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ.(නිමි)