ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය සහ අනාගත අවස්ථා පිළිබඳ වටමේස සාකච්ඡාවකට සම සත්කාරකත්වය දැක්වීය
2022/10/31

ඔක්තෝබර් 28 වැනි දින ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ තිරසාර ආර්ථික සංවර්ධනය සහ අනාගතය පිළිබඳ වටමේස සාකච්ඡාවකට සම සත්කාරකත්වය ලබා දෙමින් ආසියානු රටවල තානාපතිවරුන්, සංවර්ධන සංවිධාන නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට සහභාගි වන ලෙස ආරාධනා කළහ. සහභාගි වූවන් අතර අනාගත අවස්ථා සෙවීම සඳහා යහපත් අදහස් හා අත්දැකීම් හුවමාරුවක් සිදු විය. මෙම අවස්ථාව උතුරු පළාතේ ජන ජීවිතය නඟා සිටුවීම සඳහා සක්‍රීය සාකච්ඡාවකට මුලපිරීමක් වනු ඇතැයි සිය අපේක්ෂාව බව තානාපති මිසුකොෂි මහතා ප්‍රකාශ කළේය. තානාපති මිසුකොෂි මානුෂීය ආධාර සහ වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය තුළින් උතුරු පළාතට විවිධ ක්ෂේත්‍ර සඳහා ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බව අවධාරණය කළේය.