ජපානය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව මධ්‍යම පළාතේ රාගල වත්තේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට හදිසි වියළි ආහාර මළු බෙදා දෙයි

2022/11/3

2022 නොවැම්බර් 3 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා, මධ්‍යම පළාතේ සිය නිල සංචාරය අතරතුර රාගල වත්තේදී ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් මහතා සමඟ එක්ව හදිසි වියළි ආහාර මළු බෙදා හැරීමට සම්බන්ධ විය. තානාපති මිසුකොෂි සහ මිසුකොෂි මරිකෝ මැතිණිය ප්‍රතිලාභීන් සමඟ සුහද කථා බහක යෙදුනු අතර එහිදී එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු සහ  ආර්ථික අර්බුදය නිසා ඔවුන් ලක්ව ඇති පීඩාව සම්බන්ධව කරුණු විමසමින් දැනුවත් විය. තවද මෙම උත්සවය අතරතුර තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස අවශ්‍යතා ඇති ජනතාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැපවී ක්‍රියා කරන බවයි.
 

 
මෙම ආහාර පැකේජය ජපානය මේ වසරේ තීරණය කර ඇති ඩොලර් මිලියන 3.5 ක මානුෂීය ආධාරයේ කොටසකි. පසුගිය දශක හත තුළ ජපානය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජනතාව සවි බල ගැන්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා දිවයින පුරා විවිධ පරාසයේ පුළුල් සහයෝගයක් ලබා දී ඇත. තවදුරටත්, සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ධාරිතාව සහ ශක්‍යතාව වැඩිදියුණු කරන අතරම හදිසි අවශ්‍යතා සපුරාලමින් මේ වන විට, මෙම වසරේදී පමණක්, ජපානය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45 ක ප්‍රදාන ආධාර, ක්ෂණික, මධ්‍ය හා දිගු කාලීන ආධාර කාණ්ඩ යටතේ ලබා දී ඇත.