ජපාන තානාපති මිසුකොෂි මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී ආර්ථික හා සමාජීය වශයෙන් ඌණ වරප්‍රසාද සහිත ප්‍රජාවන්ට උපකාර කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කරයි.
2022/11/11

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා නොවැම්බර් මස පළමුවන දා සිට හතරවන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඔවුන් සිදුකළ සංචාරයේ දී,තානාපතිවරයා සහ මිසුකොෂි මැතිණිය ස්ට්‍රැත්ස්පේ (Strathspey) තේ වත්තේ මින්නා වසමේ ජල පිරිපහදු පද්ධතිය භාරදීමේ උත්සවයට සහභාගී වූ අතර, 770ක් පමණ වන මෙහි වැසියන්ගෙන් වැඩි පිරිසක් තේ වතු ආශ්‍රිතව සේවය කරති. එහි තේ වතු කම්කරුවන්ගෙන් 40% කට පිරිසුදු ජලය වෙත ප්‍රවේශය නොමැති බැවින් මෙම ජල පිරිපහදු ක්‍රමය ප්‍රදේශයේ ප්‍රජාවගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට දායක වනු ඇත.

තානාපති මිසුකොෂි මහතා රාගල වත්තේ වෙසෙන තේ වතු කම්කරුවන් සමඟ ද අදහස් හුවමාරු කරගත් අතර, ලෝක ආහාර වැඩසටහන [World Food Programme (WFP)] සමඟ එක්ව ජපානය විසින් සපයන ලද ඩොලර් මිලියන 3.5 ක ආධාරයේ කොටසක් ලෙස හදිසි ආහාර පැකේජය බෙදාදීමේ උත්සවයටද සහභාගී විය. ද්‍රවිඩ ජනතාව ජනගහනයෙන් බහුතරයක් වන කඳුකරයේ ඔවුන්ගේ අභියෝගාත්මක තත්ත්වයන් සහ එම කලාපයේ වත්මන් ආර්ථික අර්බුදය ජන ජීවිතයට කෙතරම් දරුණු ලෙස බලපා තිබේද යන්න පිළිබඳව සමීපව තොරතුරු ලබා ගැනීමට තානාපති මිසුකොෂි මහතාට අවස්ථාව ලැබුණි.

ප්‍රාදේශීය ප්‍රජාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසය [Ceylon Workers Congress (CWC)] විසින් සෑම වසරකම තරුණ තරුණියන් 250-300 අතර සංඛ්‍යාවක් සඳහා තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී විවිධ වෘත්තීය පුහුණුවීම් ලබා දෙයි. තානාපති මිසුකොෂි මහතා එම මධ්‍යස්ථානය වෙත ගොස් ගරු සෙන්දිල් තොණ්ඩමන්, පා.ම. ගරු ජීවන් තොණ්ඩමන්, පා.ම. රමේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ අනෙකුත් සාමාජිකයින් මෙන්ම කඳුකරයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුවේ වැදගත්කම පිළිබඳව පුහුණු මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද සහභාගි වූහ. එම මධ්‍යස්ථානය විසින් ජපන් භාෂාව සහ විවිධ තාක්ෂණික කුසලතා ඉගැන්වීම සඳහා දක්වා ඇති පුරෝගාමීත්වය තානාපතිවරයා විසින් බෙහෙවින් අගය කරන ලදී.

තානාපතිවරයා විසින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ [Tamil Progressive Alliance (TPA)] පා.ම. ගරු රාධක්‍රිෂ්ණන් මහතා සමගද කලාපයේ කඳුකර දෙමළ ජනතාවගේ ඉතිහාසය, වත්මන් තත්ත්වය සහ අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. තේ වතු ආශ්‍රිත කලාපයේ සුන්දරත්වය සහ සංස්කෘතිය පවත්වා ගනිමින් මෙම ප්‍රදේශය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ විභවතාවය ගරු රාධක්‍රිෂ්ණන් මහතා විසින් පැහැදිළි කරන ලදී.

කැලණිවැලි වැවිලි සමාගම වෙත සිදුකළ සංචාරයේදී තානාපතිවරයා විසින් හේලීස් වතු සමාගමේ (Hayleys Platations) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ඇතුළු එම සමූහයේ සමාගම් නියෝජිතයන් හමුවිය. මෙම සංචාරයේදී, සිය සේවකයින් උදෙසා එම සමාගම විසින් අනුගමනය කරනු ලබන මාතෘ හා ළමා ආරක්ෂණය සහ සේවකයින්ගේ ඵලදායීතාවය හා තෘප්තිමත් බව වැඩි කරමින් ඔවුන් සමාගමේ කොටස්කරුවන් සේ සැලකීමට තුඩුදෙන “ආදායම් බෙදාගැනීමේ ආකෘතිය” වැනි ක්‍රමවේදයන් පිළිබඳවද තානාපතිවරයා දැනුවත් විය.

මෙම සංචාරය තුළින් තානාපතිවරයා තම සේවකයන් සඳහා මාතෘ හා ළමා ආරක්ෂණය වැනි නව්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරන ආකාරය සහ තේ වතු කම්කරුවන්ට දිරිගැන්වීම් ලබා දෙන “ආදායම් බෙදාගැනීමේ ආකෘතිය” පිළිබඳව ඔවුන්ට දැනගත හැකි අතර එමඟින් ඔවුන්ට ඇතුළත් වීමේ සහ සමාගමේ කොටස්කරුවෙක් විය හැකිය. එය අවසානයේ ඔවුන්ගේ ඵලදායිතාවය සහ තෘප්තිය වැඩි කරයි.