ජපන් සම්ප්‍රදායික සංගීතඥයන් දෙපළක් විසින් ශ්‍රී ලාංකික සංගීත රසිකයින් වසඟයට පත්කරයි

2022/12/15

ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රකට ජපන් සම්ප්‍රදායික සංගීතඥයන් දෙපළක් වන නමි මකිඔකා මහත්මිය සහ මොමොකො ඉබුසුකි මහත්මිය විසින්, දෙසැම්බර් මස 8 වන දින සිට 12වන දින දක්වා අවස්ථා කිහිපයකදී සජීවී සංගීත ප්‍රසංග ඉදිරිපත් කරන ලදී.  


කැලණිය විශ්වවිද්‍යාලය, Lanka Nippon BizTech ආයතනය (LNBTI), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය හා සෙයිකි පෙරපාසල යන ස්ථානයන්හිදී සහ ජාතික තරුණ සේවා සභාවේදී පසුගියදා පවත්වන්නට යෙදුණු ‘බොන් ඔදොරි’ උත්සවයේදීද එම දෙපළ විසින් ප්‍රසංගයන් ඉදිරිපත් කරන ලදී. මකිඔකා මහත්මිය ‘ෂමිසෙන්’ නම් තත් තුනකින් යුත් සම්ප්‍රදායික ජපන් වාද්‍ය භාණ්ඩය වාදනය කරමින් මනරම් ලෙස ගායනයේ යෙදුණු අතර, ඉබුසුකි මහත්මිය විසින් ජපානයේ සම්ප්‍රදායික බෙර වාද්‍ය භාණ්ඩයක් වන ‘තයිකො’ව වාදනය කරමින් අත්වැල් ගායනයෙන් සහය විය. මෙම ප්‍රසංගයන් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් හට නවමු සංගීතමය අත්දැකීමක් විද ගැනීමට අවස්ථාව ලැබුණු අතර, ඉන් ඔවුහු ඉමහත් උද්දාමයට පත්වූහ.  

 
මෙම ඉදිරිපත්කිරීම් තුළින් ජපන් සහ ශ්‍රී ලාංකික ජනතාව අතර සංස්කෘතික හුවමාරුව වඩ වඩාත් ත්‍රීව්‍ර වූ අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය ද වඩාත් ඉස්මතුවී පෙණුනි. 
 

 මෙම මෙම දෙපළ සහභාගී වූ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද විශේෂ රූපවාහිනී වැඩසටහනක් පසුගිය 11 වැනිදා විකාශය කරනු ලැබූ අතර, එහි යූ ටියුබ් දිගුව පහතින් දක්වා ඇත.

https://m.youtube.com/watch?v=84X9jtPNV4U