ජාත්යන්තර කම්කරු සංවිධානය සහ ජපාන රජය නැවත සියරට පැමිණෙන ශ්රී ලාංකික සංක්රමණික ශ්රමිකයන්ගේ සමාජ-ආර්ථික ප්රතිසංවිධානය සහ ආර්ථික යහපැවැත්ම සඳහා අත්වැල් බැඳගනී.

2022/12/20

සියරට බලා ආපසු පැමිණෙන සංක්‍රමණිකයන්ගේ  සමාජ-ආර්ථික තත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සමුද්‍රීය අංශය ප්‍රමාණවත් රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ ඉහල ප්‍රවණතාවයක්  ඇති බව හඳුනාගෙන ඇත. ජපාන රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික නාවිකයන්ගේ වෘත්තිය  සංගමයේ (NUSS) සම්බන්ධීකරණය සහ ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහාය ඇතිව මහපොළ වරාය සහ සමුද්‍රීය ඇකඩමිය විසින් සමුද්‍රීය හා පුහුණු පාඨමාලාව සම්පූරණ කළ අභ්‍යාසලාභීන් 22 දෙනා සඳහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් 20 දින කොළඹ  දී  සාර්ථකව පවත්වන ලදි. 

මෙම පුහුණු පාඨමාලාව නාවික නිළධාරීන්ගේ දෛනික කටයුතු වලට  සහය වීමට අවශ්‍ය  දැනුම සහ කුසලතාවයන් වැඩි දියුණු  කිරීමට හැකි වන පරිදි   ක්‍රමානුකූලව  සකස් කර ඇත . නාවික  ශ්‍රේණිගත යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අත්දැකීම් ලබා ගැනීම ඇතුළු සියලුම සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙම පුහුණුවෙන් ආවරණය විය.
 

 
සහතිකපත් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති H. E. MIZUKOSHI Hideaki පැවසුවේ “ජපානයේ සහාය සංක්‍රමණිකයින්ට සැබෑ රැකියා සහ නිපුණතා අවස්ථා ලබා ගැනීමට උපකාරයක් වන බව දැකීමට ලැබීම ගැන මම සතුටු වන බවයි. මෙම ව්‍යාපෘතිය හරහා ජපන් රජය නැවත පැමිණෙන අයගේ ප්‍රායෝගික කුසලතා ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම අරමුණු කරයි"

 

 
ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂ, සිම්රින් සින්ග් මහත්මිය විසින්  වරාය අධිකාරිය, මහපොළ පුහුණු ආයතනය  සහ නාවිකයින්ගේ ජාතික  වෘත්තිය සංගමය එක්ව පුහුණු පැකේජයක් ලබා දීමට එක් වූ අදහස සහ ශක්තිය යන දෙකම අගය කළාය. මෙමගින්  අත්‍යවශ්‍ය රැකියා උත්පාදනය සහ අවදානමට ලක් වූවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සදහා මෙම පුහුණුව උපකාරී වනු ඇති බව තරයේ විශ්වාස කරයි . තම පුහුණු වැඩසටහන  සාර්ථකව නිම කළ පළමු උපාධිධාරී කණ්ඩායමට ඇය සුබ පැතූ අතර ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් රැකියා උත්පාදනය සඳහා ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) හි දිගුකාලීන කැපවීම අවධාරණය කළාය.

ජපාන රජයේ  සහයෝගය ඇතිව ජාත්යන්තර කම්කරු සංවිධානය  (ILO) විසින් ක්‍රියාත්මක කරන  "ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ සමාජ ආර්ථික පුනර්ජීවන ව්‍යාපෘතිය" හරහා මෙම මුලපිරීම දියත් කර ඇත.