ජපන් රජය යුනිසෙෆ් සංවිධානය හා එක්ව හදිසි ආධාර යටතේ ඩොලර් මිලියන 3.5 ක එන්නත් බහාලුම් ශීත පෙට්ටි හා පෝෂණ සැපයුම් ලබා දී ඇත
2023/1/24

කොළඹ, 2023 ජනවාරි 24 - ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම පෝෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබා දුන් එන්නත් බහාලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද ලැබී ඇත.
අධික උෂ්ණත්වයට සංවේදි එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් ඒ අනුව අද දින පිරිනමන ලදී. මෙම උපකරණ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, අනුරාධපුර, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් කොට්ඨාශ වල ස්ථාපනය කර ඇත.

මෙම උපකරණ ලබා දීම 2021 වර්ෂයේදි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් අතේ ගෙන යා හැකි එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදාදීමේ වැඩපිළිවෙළ හා ඒකාබද්ධව , ඩොලර් මිලියන 03 ක සම්පූර්ණ දායකත්වයක් හිමි වූ වැඩසටහනේ තවත් එක් කොටසකි. මෙම උපකරණ මගින් මෙරට ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දීමත්, එන්නත් නිසි ආකාරයෙන් ආරක්ෂිතව ගබඩා කිරීමත් බලාපොරොත්තු වේ.
තවද පෝෂණ සැපයුම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. මෙම සැපයුම්, දරුවන් රැකබලා ගැනීම, පරීක්ෂා කිරීම, අධීක්ෂණය සහ මන්දපෝෂණය සඳහා උපදේශනය ද ඇතුළුව අවශ්‍ය පසු විපරම් සැපයීම සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වයේ කොටසකි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩියාකි අදහස් එක් කරමින් කියා සිටියේ“Last One Mile Support” සංකල්පය යටතේ මෙම ශීතදාම ආරක්ෂක ශීතකරණ උපකරණ ශ්‍රී ලාකිය ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමීමේ අරමුණින් ලබා දීම සිදු කර ඇති බවත්, ඒ සඳහා දායක වීමට ලැබීම ඉමහත් භාග්‍යක් කොට සලකන බවත්ය.

මෙම උපකරණය මඟින් ලංකාවේ දැනට පවතින ආර්ථික කඩා වැටීම හමුවේ, කෝවිඩ් ඇතුළු මාතෘ සහ ළමා සෞඛ්‍ය වර්ධනයේ සඳහා අත්‍යවශ්‍ය වන එන්නත් නිසිපරිදි ගබඩා කිරීමට සහ ක්‍රමවත්ව ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ.
තවද මේ මඟින් ජපානය, මෙරට ප්‍රජාවගේ ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා දීම අරමුණු කොට ඇති බවත්ය.
තවද එන්නත් ගබඩා කිරීම හා අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ගබඩා කිරීමේ හැකියාවද හිමිවේ.
ප්‍රතිශක්තිකරණය සඳහා ආයෝජනය කිරීම කාලානුරූපීය, විශේෂයෙන් දරුවන් සඳහා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් කූග් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම උපකරණ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල නඟා සිටුවීම සඳහා උපකාරි වන බවයි.
"මන්දපෝෂණය සම්බන්ධයෙන්, එය ප්‍රතිකාර කළ හැකි සහ වළක්වා ගත හැකි බවත්, දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයට උපකාර කිරීම සඳහා අද දින සැපයුම් ලබා දෙන බවත්," ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලාංකීය දරුදැරියන්ගෙ කෙටි කාලීන සහ දිගු කාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජපන් රජය යුනිසෙෆ් සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව උපරිම දායකත්වයක් ලබා දෙන බවටද මෙහීදී ප්‍රකාශ කර සිටියේය.