තානාපති මිසු‌කොෂි මහතා ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීමේ උත්සවයට සහභාගී වෙයි

2023/2/17
    

2023 පෙබරවාරි 17 වන දින නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල සංවර්ධන වැඩසටහන යටතේ ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරැ. මිසු‌කොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.
 

ආර්ථික හා සමාජ සංවර්ධන ව්‍යාපෘතියේ ත්‍රිකුණාමල වරාය සංවර්ධන වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතියට, ජපන් රජය රුපියල් බිලියන 2.63 ක ආධාර ලබා දී ඇත. 2016 වසරේ පැවති ජපාන - ශ්‍රී ලංකා සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස 2017 අප්‍රේල් මාසයේදී මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, මෙි මගින් ඉන්දියන් සාගරයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය පිළිගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ත්‍රිකුණාමල වරායේ රාත්‍රී කාලයේ නාවික ගමනාගමනය සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්‍ෂාව වැඩි දියුණු කරමින් සුමට වරාය කළමනාකරණයක් සහතික කිරීමයි. මීට පෙර සිවිල් යුද්ධයේදී ත්‍රිකුණාමල වරායේ ප්‍රදීපාගාර සහ අනෙකුත් නාවික ආධාරක විනාශ වූ බැවින් නවිකා වලට රාත්‍රියේ යාත්‍රා කිරීමට නොහැකි විය. මෙම වැඩසටහන යටතේ, ජපන් සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද Mooring booys, නාවික සංඥා, ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) සහ අනෙකුත් වරාය උපකරණ ත්‍රිකුණාමල වරාය වෙත භාර දෙන ලදී.


මෙම ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රතිඵලය මඟින් කලාපීය සම්බන්ධතා වර්ධනය සහ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත සමාජ-ආර්ථික සංවර්ධනය වැඩිදියුණු වන අතරම, භූගෝලීය වාසිය උපයෝගී කර ගනිමින් දකුණු ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව, ආර්ථික, වෙළෙඳ සහ සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ජපාන රජය අපේක්ෂා කරයි.