ජපානය, රජයේ රෝහල් සඳහා ඩීසල් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් වටිනා මානුෂීය ආධාර සැපයීම, 2022 වර්ෂයේ දී ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 104 ක ආධාර ප්‍රදානයේ කොටසක් ලෙස සිදුකරයි

2023/2/22

2023 පෙබරවාරි 22 වන දින, තානාපති මිසුකොෂි විසින් දිවයින පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ඉන්ධන සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 46 ක මානුෂීය ආධාර සඳහා වන සටහන් හුවමාරු  කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති, අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.
 
ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඉන්ධන හිඟය මධ්‍යයේ දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 1,180 කට විදුලිය විසන්ධි කිරීමේදී සහ හදිසි වෛද්‍ය මෙහෙයුම් නොවන අවස්ථා වලදී වෛද්‍ය සේවා අත්හිටුවීමට සිදුව තිබේ. තවද ජීවිතාරක්ෂක සේවා, එනම් හදිසි රෝගීන් රැගෙන යන ගිලන්රථ, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය උපකරණ රැගෙන යන වෛද්‍ය ප්‍රවාහන සේවා ද  මෙම ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇත.
 
ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් තිරසාර අන්දමින් සැපයීම සඳහා ජපාන රජය මෙම මානුෂීය සහයෝගය හරහා ඩීසල් ඉන්ධන ලීටර් මිලියන 20 ක් ලබා දෙනු ඇත.
 
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව තානාපති මිසුකොෂි මහතා ගරු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හමුවී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට ජපානයේ  ඇති කැපවීම පිළිබඳව සහතික විය. 2022 මූල්‍ය වර්ෂයේදී ජපානය විසින් ඩොලර් මිලියන 104 ක ප්‍රදාන ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත්, මානුෂීය ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 77.8 ක් ද ඇතුළුව, ඉන් ඩොලර් මිලියන 46 ක් ඉන්ධන ආධාර වශයෙන් ලබා දී ඇති බවත් තානාපති මිසුකොෂි ප්‍රකාශ කළේය. ජපන් රජය විසින් මෙතෙක් සිය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලබාදෙන්නාවූ ඉහළම ආධාර ප්‍රදානය මෙය වන අතර, මේ තුළින් වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාව සඳහා ජපානයේ ඇති දැඩි කැපවීම පෙන්නුම් කරයි.