ශ්‍රී ලංකාව කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කරයි

2023/3/9

2023 මාර්තු 09, කොළඹ: ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව 2023 - 2027 කාල පරිච්ඡේදය සඳහා ks¾udKh l, කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) සම්මත කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 (2000) යෝජනාවේ දක්වා ඇති ජාත්‍යන්තර කැපවීම්වලට අනුකූලව කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම සඳහා මෙම සැලැස්ම රටේ නීතිමය සහ ප්‍රතිපත්ති රාමුවට දායක වෙයි. ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා ඉතා වැදගත් වන කාන්තාව, සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය හා සම්බන්ධ පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ද එහි අරමුණකි.

ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2023 පෙබරවාරි 27 වන දින අනුමත කරන ලද මෙම සැලැස්ම ජාත්‍යන්තර කාන්තා දිනය වන 2023 මාර්තු 8 වන දින උත්සවාකාරයෙන් දියත් කරන ලදී. අලුතින් සම්මත කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කරනු ලැබුවේ, ගැටුම් සහ අර්බුද පිළිබඳ විවිධ, සෘජු අත්දැකීම් ඇති පළාත් සහ දිස්ත්‍රික් මට්ටම්වල රාජ්‍ය අංශයේ නිලධාරීන්, සිවිල් සමාජය, ප්‍රජා මූලික සංවිධාන, කාන්තා නායිකාවන් සහ වෙනත් අයගේ උපදෙස් විමසීමේ ක්‍රියාවලියක් හරහාය. එය ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ හවුල්කාරිත්වයේ කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ තාක්ෂණික සහෙයෝගය ඔස්සේ සංවර්ධනය කරන ලදී. 2018දී ජපාන රජය G7 WPS රාමුව යටතේ ශ්‍රී ලංකාව සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය: “ආසියානු කලාපයේ කාන්තාවන්ගේ තත්ත්වය සතුටුදායක නැත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටිනවා.  ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමට wms උත්සාහ කරනවා.” ‘ස්ත්‍රී පුරුෂ iudcNdùh සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ සහ ‘කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉවහල් වන බව ඔහු අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය ජාත්‍යන්තර කාන්තා දිනයේදී හෙළිදරව් කරන ලදි. “සාර්ක් සංවිධානයේ රාමුව තුළ කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා සාර්ක් රටවල ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් ශ්‍රී ලංකාව විසින් මේ වසරේ පවත්වනු ඇත. ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටී. ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නායකත්වය දීමේ කාර්යභාරයක් ශ්‍රී ලංකාව ඉටු කරනු ඇත.”

ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වැදගත්කම අවධාරණය කරමින් ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය: “මෙම ක්‍රියාකාරී සැලැස්ම සම්මත කිරීමත් සමඟ, කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්ති රාමුවකින් ශ්‍රී ලංකාව ප්‍රථම වරට සන්නද්ධ වී ;sfí. ඒ සඳහා සාමය ගොඩනැගීමේ ක්‍රියාවලීන්හි සහ රාජ්‍ය පාලනයේ කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් සහ නියෝජනයක් ඉල්ලා සිටිනු ලැබේ.”

ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අරමුණ වන්නේ ගැටුම්, ප්‍රචණ්ඩත්වය සහ දේශගුණික අනාරක්ෂිතභාවය හේතුවෙන් සෘජුවම හානි වූ සහ අඛණ්ඩව පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා ඉලක්කගත සහය ලබා දීමයි.

එයට අමතරව, ආන්තික කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සමාන අවස්ථා සහ සම්පත් සඳහා ප්‍රවේශය තුළින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ද මෙහි අරමුණු වේ.
 
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි (MIZUKOSHI Hideaki) මෙසේ ප්‍රකාශ කළේය: “තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම්වලට උපකාර වන මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කාලෝචිත ලෙස සම්මත කිරීම සම්බන්ධයෙන් ජපාන රජයේ ප්‍රසාදය පළකරමි. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් ජපානය ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රයේ ඉදිරි ගමනට සහාය වීමට කැපවී සිටී.”

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ශ්‍රී ලංකා ප්‍රධානී ප්‍රශානි ඩයස් මෙසේ පැවසුවාය: “මෙම වැදගත් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාවට නැංවීමට උපකාර කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් ජපාන රජයේ සහාය ඇතිව රාජ්‍ය අංශයේ නිලධාරීන්ට කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ලබා දී තිබේ. මෙම වැඩසටහන් හරහා, අර්බුදකාරී කාල වකවානුවලදී කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ යහපැවැත්මට බලපාන ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධව වැඩ සැලසුම් සකස් කර තිබේ.”

මෙම ප්‍රයත්නයන්ට අමතරව, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් ව්‍යවසායකත්ව පුහුණුව තුළින් කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම ශක්තිමත් කර තිබේ. රැකියා සඳහා ප්‍රවේශය කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව හඳුනාගෙන තිබේ. තරුණයින් ඇතුළු කාන්තා නායකයින්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කුසලතා ලබා දී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන ගැටුම් සහ අර්බුද ප්‍රතිචාර දැක්වීමේ සැලකිය යුතු ප්‍රගතියක් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කර ගැනීම මගින් සනිටුහන් වේ. සාමය ගොඩනැගීම සහ ගැටුම් වැළැක්වීම සම්බන්ධ නායකත්වයේ කාන්තා භූමිකාව එමගින් ශක්තිමත් කෙරේ.