ජපන් රජය විසින් සුනිල් ගාමිණී විජේසිංහ මහතා සහ මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා හට “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීම ප්‍රකාශයට පත්කරයි
2023/4/29
වර්ෂ 2023 අප්‍රේල් මස 29 වන දින, ජපන් රජය විසින් "The Order of the Rising Sun" සම්මානලාභීන්ගේ නම් ප්‍රකාශයට පත්කරන ලදී. ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා දැක්වූ සුවිශේෂි දායකත්වය අගයමින් ගෞරවනීය ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනෙකුට, මෙවර වසන්ත ඍතුවේදී සිදුවන සම්මාන පිරිනැමීමේදී මෙම ගෞරවනීය සම්මානය පිරිනමා ඇත. ඔවුන්ගේ විස්තර පහත පරිදි වේ.

සුනිල් ගාමිණී විජේසිංහ මහතා
සුනිල් ගාමිණී විජේසිංහ මහතා
“The Order of the Rising Sun, Gold and Silver Rays”
ජපානයේ ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපති
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට දායක විය.
“The Order of the Rising Sun, Gold and Silver Rays”
ජපානයේ ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපති
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට දායක විය.

මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා
මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා
“The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේ සභාපති
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශාස්ත්‍රීය හුවමාරු සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට දායක විය.
ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමයේ [Japan Sri Lanka Technical & Cultural Association (JASTECA)] හී හිටපු සභාපති සුනිල් ගාමිණී විජේසිංහ මහතා විසින් ජපානයේ ආයතනික කළමනාකරණ පද්ධතිය, එනම් “5S (කාර්යක්ෂමව, ඵලදායිව සහ ආරක්ෂිතව) කාර්යය ඉටු කළ හැකි වන පරිදි අවකාශය සංවිධානය කිරීමේ පද්ධතිය ” ප්‍රවර්ධනය කරන ලදී, තවද “ශ්‍රී ලංකාවේ තත්ත්ව කව (තත්ත්ව හා ඵලදායිතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විධායක නොවන සේවකයින් සම්බන්ධ කර ගැනීමේ පද්ධතියක්)”, හෙවත් සම්පූර්ණ තත්ත්ව කළමනාකරණ ක්‍රමය සහ Kaizen ක්‍රමය (සංවිධාන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ සංකල්පයක්) පිහිටුවීමට JASTECA හී ආරම්භක සාමාජිකයෙකු ලෙස එතුමා කටයුතු කර ඇත. 5S ක්‍රමය හඳුන්වා දෙන ශ්‍රී ලාංකික සමාගම්වල දායකත්වය ඇගයීම සඳහා ඔහු සම්මානයක් ද නිර්මාණය කළේය. මීට අමතරව, ජපන් පාලන ක්‍රම පිළිබඳ විවිධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සංවිධානය කිරීමෙන් සහ ශ්‍රී ලංකාවේ 5S, පුවත්පත් සහ සඟරාවල ලිපි පළ කිරීමෙන්, ආරාධිත කථිකයෙකු ලෙස සහ විදේශයන්හි ඒ පිළිබඳව දේශණ පවත්වමින් ජපන් කළමනාකරණ පද්ධතිවල ප්‍රතිලාභ බෙදා හැරීමට ඔහු දායක වී ඇත.
ඔහු ශ්‍රී ලංකා රජයේ උපදේශකවරයෙකු ලෙස ජපන් කළමනාකරණ පද්ධතිය ඉගැන්වීමට ද පත් කරන ලද අතර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා සහ ජපන් සමාගම් දෙපාර්ශවයටම සහාය විය. දීර්ඝ කාලීන සහ විවිධ ක්‍රියාකාරකම් තුළින් විජේසිංහ මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට විපුල ලෙස දායක වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේ සභාපති මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා දන්ත වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරයකු ලෙස ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශාස්ත්‍රීය හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පුළුල් ක්ෂේත්‍රයන්හි නියැලෙමින් අගනා කාර්යභාරයක් ඉටුකරන ලදී.
"දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දන්ත වෛද්‍ය අධ්‍යාපනය සහ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය" JICA ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම මහාචාර්ය දිසානායකගේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අති නවීන උපකරණවලින් සමන්විත නවීන සායනික හා පර්යේෂණ පහසුකම් ඉදිකිරීමට හැකි විය. ජපානයේ දන්ත වෛද්‍ය විද්‍යාව සහිත විවිධ විශ්වවිද්‍යාලවල ජපන් සගයන් සමඟ ශාස්ත්‍රීය හුවමාරුව සාර්ථක ලෙස පුළුල් කිරීමට මෙම පහසුකම් මහාචාර්ය දිසානායකට උල්පතක් විය. මීට අමතරව, මහාචාර්ය දිසානායකගේ නායකත්වය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය JICA හි තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් පවත්වන පුහුණු වැඩසටහන් සඳහා සත්කාරකත්වය ලබා දුන් අතර අසල්වැසි රටවල දන්ත විද්‍යා විද්වතුන්ට සහ විශේෂඥයින්ට උසස් තත්ත්වයේ පුහුණුවක් මේ හරහා ලබා දුන්නේය.
විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස විශ්වවිද්‍යාල කළමණාකාරීත්වයේ වගකීම් භාරගෙන පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසත් විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් ජපන් ශ්‍රී ලංකා සබඳතාව ප්‍රවර්ධනය කිරීමට මහාචාර්ය දිසානායක මහතා දැක්වූ කැපවීම මහත් ශක්තියක් වී ඇත. ඔහු ජපන්-ශ්‍රී ලංකා සහයෝගීතා පර්යේෂණ සම්මන්ත්‍රණ සහ විවිධ ඒකාබද්ධ පර්යේෂණ මුලපිරීම් සහ හවුල්කාරිත්ව අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම ඇතුළු වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත. මෙම මුල පිරීම් කෘෂිකර්මය, ඉංජිනේරු විද්‍යාව සහ පාරිසරික අධ්‍යයනය වැනි දන්ත වෛද්‍ය විද්‍යාවෙන් ඔබ්බට ගිය ක්ෂේත්‍ර ද මැනවින් ආවරණය කරයි.
මහාචාර්ය දිසානායකයන්ගේ ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය, ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය සම්බන්ධ කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම සහ ජපානය අවබෝධ කර ගැනීමට ඔහු තුළ වූ දැඩි උනන්දුව අප දෙරට අතර ශාස්ත්‍රීය සහයෝගීතාවයේ ආලෝකයක් ලෙස සැමවිටම පවතී.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාවයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකිකයින් දක්වන ලද විශිෂ්ට කැපවීම පිළිබඳව අවංකව අගය කරමින් ජපන් තානාපති කාර්යාලය, විජේසිංහ මහතාට සහ මහාචාර්ය දිසානායකට හෘදයාංගම සුබ පැතුම් පළ කරනු ලබයි.