ජපානය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයට මග පාදාදෙයි
2023/7/12
2023 ජුලි මස 12 වන දින, ජපන් තානාපති, ගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන [Digital Terrestrial Television Broadcasting (DTTB)] ව්‍යාපෘතිය පිළිබඳ ජපානය විසින් සකස් කරන ලද තාක්ෂණික ප්‍රමිතීන් ගරු. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාට ප්‍රදානය කරන ලදී.

ජපානය 2014 වසරේ සිට ජපන් නිළ සංවර්ධන ආධාර යටතේ ණය ආධාරයක් මගින් ශ්‍රී ලංකාවේ DTTB ව්‍යාපෘතිය සඳහා අඛණ්ඩව සහයෝගය දක්වයි. DTTB ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් ලබා දෙනු ඇත. එය ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අධි-විභේදන [High-Definition (HD)] රූපවාහිනී විකාශන නොමිලේ නැරඹීමේ අත්දැකීම ලබා දෙනවා පමණක් නොව, ගුවන් විදුලි තරංග ඵලදායී ලෙස භාවිතා කිරීම තුළින් සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීමේ පදනම ලෙස ක්‍රියා කරන විදුලි සංදේශ යටිතල පහසුකම් ද ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකා රජය විශේෂ ප්‍රමුඛතාවයක් ලෙස අවධානය යොමු කර ඇති “ඩිජිටල් ආර්ථිකය” ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම මෙම ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය කෙතරම් වැදගත් වන්නේදැයි තානාපති මිසුකොෂි මහතා අවධාරණය කළේය.

ලංකාවේ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර අපගේ ද්විපාර්ශවික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ඉතා ඉක්මනින්ම සාර්ථකව නිම කරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.
