ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ ආර්ථික ප්‍රතිසංවිධානය සඳහා ජපානය සහාය දක්වයි

2023/7/13
2023 ජුලි මස 13 වන දින, ජපන් තානාපති කාර්යාල‌යේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, කත්සුකී කොටාරෝ මහතා, කොළඹ මූවන්පික් හෝටලයේ දී ජපානය විසින් අරමුදල් සපයන ලද කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ සමාජ ආර්ථික පුනරුත්ථාපනයට සහය දැක්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමේ උත්සවයට සහභාගී විය.
 

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සමාජ ආර්ථික පුනර්ජීවනය සඳහා ආධාර කිරීමේ ව්‍යාපෘතියට ජපානය විසින් අරමුදල් සපයන ලද අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය [International Labour Organization (ILO)] සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය [International Organization for Migration (IOM)] විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ කම්කරු හා විදේශ රැකියා වල නිරතව සිට ආපසු පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම, ප්‍රජා යටිතල පහසුකම් සහ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීම මගින් ස්ථාවර ආර්ථික සහභාගීත්වය. මගින් අනාගත රැකියා අවස්ථා සඳහා වැඩි දියුණු කළ නිපුණතා සංවර්ධනය තුළින් ඔවුන්ගේ අවදානම අවම කිරීම මෙන්ම රජයේ ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරීම මගින් මෙම ව්‍යාපෘතිය තීරණාත්මක හිඩැසක් පුරවා ඇත.
 
ජපානය ශ්‍රී ලංකාවේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දක්වන අතර ඉලක්කගත ප්‍රතිලාභීන්ට ශක්‍ය ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් තුළින් තිරසාර ජීවනෝපායක් සහතික කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ  IOM, ILO සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ සහයෝගීතාවයෙන්  සිදුකරන ලදී.


ජපන් රජය ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහය දැක්වීමට දැඩි ලෙස කැපවී සිටින අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර දශක හතක මිත්‍රත්වයට ගරු කරන්නාවූ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.