ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි
2023/7/29

2023 ජූලි මස 29වන දින මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. පෙ.ව. 8.00ට (ජපානයේ වේලාවෙන් පෙ.ව. 11.30ට) යෙදී තිබූ මෙම හමුව මිනිත්තු 75ක පමණ කාලයක් පැවති අතර, එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයා සමග උදෑසන ආහාරය සදහාද එක්විය. මෙම හමුවේදී සාකච්ඡා කරන ලද කරුණු වල සාරාංශය පහත පරිදි වේ.

2. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙනයාම පිළිබදව වන සිය අපේක්ෂාව අමාත්‍ය හයෂි මහතා විසින් සැල කර සිටි අතර, ණයහිමි රටවල් සියල්ල සම්බන්ධයෙන් විනිවිද පෙනෙන හා සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණයක වැදගත්කම අවධාරනය කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ විනිවිදභාවය හා සංසන්දනාත්මක බව පිළිබඳව සිය උපරිම අවධානය යොමු කරනු ලබන බව ප්‍රකාශ කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය පිළිබඳව සිය අගය කිරීම යළි යළිත් අවධාරණය කළේය.
3. ලබන ඔක්තෝම්බර් මස සිට ශ්‍රී ලංකාව සභාපතිත්වය දැරීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමය [Indian Ocean Rim Association (IORA)] සමග වන සහයෝගීතාවය ජපානයට ඉතා විශාල වශයෙන් වැදගත් වන බව අමාත්‍ය හයෂි මහතා ප්‍රකාශ කළේය. IORA හි සභාපතිවරයා වශයෙන් ජපානයේ ක්‍රියාකාරී දායකත්වය ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලැබීය.
4. ද්විපාර්ශ්වික සබඳතා, නැඟෙනහිර ආසියාව ඇතුළු කලාපීය තත්ත්වය සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.