ජපානය මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 611 ක ආධාර ප්‍රදාන සපයයි
2023/7/29
ජුලි මස 29 වන දින, ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු හයෂි යොෂිමස මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) ව්‍යාපෘතිය සඳහා වන හුවමාරු ලියවිලි වලට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි. මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අතර අරලියගහ මන්දිරයේ.දී සිදුකරන ලදී මෙම අවස්ථාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍ය හයෂි මහතාගේ ගෞරවාන්විත සහභාගීත්වයෙන් යුතුව අරලියගහ මන්දිරයේ සිදුකරන ලදී.
මෙම හුවමාරු ලියවිලි හරහා ජපන් රජය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 611 (යෙන් මිලියන 284)ක් වටිනා ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සහ ඔවුන්ට අදාල විවිධ ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලැබීම සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ, රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 දෙනෙකු 2024 සිට වසර 2 සිට 3 දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධියක් හැදෑරීමට යවනු ලැබේ. ඔවුන්ගේ උපාධි ක්ෂේත්‍ර රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධන සහ නාගරික සහ ප්‍රාදේශීය සංවර්ධනය ආවරණය කරයි.
මෙම JDS ව්‍යාපෘතිය ආරම්භයේ එනම් 2010 වසරේ සිට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 205 දෙනෙකුට සහය දක්වා ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවන් ඉහළ නැංවීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීමට ද දායක වන අතර එමඟින් වත්මන් ආර්ථික දුෂ්කරතා හා සම්බන්ධ විවිධ බාධක මඟහරවා ගැනීමට සහ අනාගතයේදී ශ්‍රී ලංකාවට සමෘද්ධිය ළඟා කර ගැනීමට ද උපකාරී වේ.
JDS සාමාජිකයින් ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, ඔවුන් ජපානයේ සිටියදී සිදුකළ අධ්‍යයනයන් හා සමාජ ක්‍රියාකාරකම් මෙන්ම මානව ජාලය ද භාවිතා කරමින් දෙරට සබදතාවන් යාකරන පාලමක් ලෙස සාර්ථකව කටයුතු කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.
දිගුකාලීන මිතුරෙකු ලෙස ජපානය මානව සම්පත් සඳහා සහය දැක්වීම කෙරෙහි විශාල අවධානයක් යොමු කර ඇත. දිගුකාලීනව තිරසාර ආර්ථික සංවර්ධනය වඩාත් වේගවත් කිරීම සඳහා බොහෝ විට ධාරිතා ගොඩනැගීම සහ කුසලතා සංවර්ධන වැඩසටහන් උපකාරී වෙයි.
ආදායම් වියදම් ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසායන් මෙන්ම දූෂණය පිටුදැකීම වැනි විවිධ ප්‍රයත්නයන් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත බැවින්, 2023 වසර ශ්‍රී ලංකා ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. මෙම වැඩසටහනට සහභාගී වන සියලු දෙනාම ඔවුන් අතර සබඳතා ශක්තිමත් කරගනිමින් නැවත මව්රටට පැමිණි පසු ඉගෙන ගත් දේ ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට දායක වනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.