තානාපති මිසුකොෂි මහතා විසින් ශ්‍රී ලංකාවේ ගොවීන්ට උපකාර කිරීමට ඇති කැපවීම ප්‍රකාශ කරයි

2023/8/10

අගෝස්තු මස 10 වැනි දින යාපනයේ සංචාරයක නිරත වූ තානාපති මිසුකොෂි මහතා චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති යූරියා පොහොර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි විය. උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහනේ  (FAO) නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා ද ඊට සහභාගි වූහ.


ඇමරිකානු ඩොලර් මිලියන 4.63 ක් වටිනා මෙම පොහොර ප්‍රදාන වැඩසටහන, ආර්ථික අර්බුදය හේතුවෙන් පොහොර ලබා ගැනීමේ දුෂ්කරතා මඟහරවා ගැනීම අරමුණු කර ගෙන,  අතරමැදි සහ වියලි කලාපවල ඉඩම් හෙක්ටයාර 1 ට අඩු කුඩා පරිමාණ ගොවීන් 228,000 ක් පමණ ඉලක්ක කර ඇත. මෙම යූරියා පොහොර බෙදා හැරීම වෙනුවෙන් ජපන් රජය විසින් අරමුදල් සපයන අතර, ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන (FAO) හරහා පහසුකම් සපයයි.


තානාපති මිසුකොෂි මහතා කුඩා පරිමාණයෙන් වී වගාවෙහි  නිරත වන ගොවි මහතුන් සමඟ සෘජු සාකච්ඡාවල නිරතවූ අවස්ථාවන්හි දී දේශීය ගොවීන්ට උපකාර කිරීමට ඇති තම දැඩි කැපවීම  පිළිබඳව පොහොර ප්‍රදානය උත්සවයේදී කළ කතාවේදී නැවතත් අවධාරණය කළේය.


මෙම ආධාර ප්‍රදානය ඔක්තෝබර් මාසයේ සිට එළඹෙන මහ කන්නයේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.