කිලිනොච්චියේ නැවත පදිංචි වූ ළමුන් සඳහා ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි භාරදීම

2023/8/11

අගෝස්තු  මස 11 වැනි දින, ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ මානුෂීය සංවර්ධන සංවිධානය [Humanitarian Development Organization (HDO) ] විසින් ක්‍රියාත්මක කරන ලද, උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි කොට්ඨාශයේ ස්කාන්තපුරම් ගම්මානයේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි භාරදීමේ උත්සවයට ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහභාගී විය. තවද, ස්කන්තපුරම් ගම්මානය යනු ජපන් ආධාර යටතේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති මගින්, බිම් බෝම්බ ඉවත් කරන ලද ගම්මානයකි.


මෙම ව්‍යාපෘතියේ දී, නැවත පදිංචි වූ පවුල්වලට උපකාර කිරීමේ අරමුණින් පුස්තකාලයක් ඇතුළු පාසල් ගොඩනැගිලි දෙකක් සහ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා පන්ති කාමරයක් ද ඉදිකර ඇති අතර, සිසුන් 250 කගේ පමණ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය ඩොලර් 88,819 ක් ලබා දෙන ලදී.. මීට අමතරව බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශවල. පන්ති කාමර සඳහා මේස පුටු වැනි උපකරණ ලබා දීමට ද  මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු කරන ලදී.


වැඩිදියුණු කළ ඉගෙනුම් පරිසරය හරහා ප්‍රජාවේ සිසුන්ට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කිරීමට මෙම ව්‍යාපෘතිය උදක්ම දායක වනු ඇත. තවද, මෙවැනි ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දෙනු ඇත.