ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය [Joint Crediting Mechanism (JCM)] පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අධ්‍යයන සැසියක්
2023/8/29
2023 අගෝස්තු මස 29 වන දින කොළඹදී - ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම සහ අඩු කාබන් වර්ධන හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා වන වැදගත් පියවරක් අද දින කොළඹදී පැවැත්වීමට යෙදුණු ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය [Joint Crediting Mechanism (JCM)] පිළිබඳ අධ්‍යයන සැසියේදී සනිටුහන් විය. ජපාන තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය සහ ජපාන විදේශ වෙළඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)] එක්ව JCM මුලපිරීම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ තේමාව යටතේ මෙම අධ්‍යයන සැසිය සංවිධානය කරන ලදී.
මෙම JCM අධ්‍යයන සැසියට ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටම නියෝජනය කරමින් සමාගම් 30කට අධික සංඛ්‍යාවකට අයත් 70කට වැඩි පිරිසක් සහභාගී විය. JCM හි සංකීර්ණතා පැහැදිලි කිරීම, ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීම සහ ඒ හා සම්බන්ධවී කටයුතු කිරීම දිරිමත් කරවීම මෙම අධ්‍යයන සැසිය තුළින් අරමුණු කරන ලදී.
JCM මුලපිරීම සම්බන්ධයෙන් ඇති වැදගත්කම පිළිබඳව විස්තර කැටිකර ගනිමින්, ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කොතරො කත්සුකි සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් විසින් පවත්වන්නට යෙදුණු සමාරම්භක දේශණයන් සමග අධ්‍යයන සැසියේ කටයුතු ආරම්භ විය.
JCM යෝජනා ක්‍රමයේ සූක්ෂ්මතාවයන්, ඒ තුළින් දෙරටටම ලබාගත හැකි ප්‍රතිලාභයන් සහ පාරිසරික සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය පිළිබඳ පුළුල් සන්දර්භය තුළ එහි පුළුල් කාර්යභාරය පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් පැසිෆික් කන්සල්ටන්ට්ස් (Pacific Consultants) උපදේශක සමාගම විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක දේශණය මෙම අධ්‍යයන සැසියේ ප්‍රධාන හරය විය.
JETRO හි කොළඹ නේවාසික නියෝජිත හිරොකි ඔයි මහතා විසින් පාරිසරික අංශය සහ කාබන්හරණය (decarbonization) ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කිරීමේ අපේක්ෂාවන් පිළිබඳව ජපන් සමාගම්වල අදහස් හඳුන්වා දෙමින් අධ්‍යයන සැසිය අවසන් කරන ලදී.
දැනුම බෙදාගැනීම සහ විශේෂඥතාවය තුළින් දීප්තිමත්, හරිත අනාගතයක් නිර්මාණය කිරීමට ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ඇති කැපවීම මෙම අධ්‍යයන සැසියේ සහයෝගිතා ස්වභාවය තුළින් අවධාරණය කරයි. JCM සමඟ අවබෝධය හා බැඳීම වර්ධනය කිරීම තුළින්, ශ්‍රී ලාංකික සහ ජපාන සමාගම් රැසකට ඔවුන්ගේ කාබන් පියසටහන අවම කරගනිමින්, තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීමට අවැසි වේදිකාව මෙම අධ්‍යයන සැසිය මගින් සකසා දී ඇත.