මහාචාර්ය ආනන්ද කුමාර මහතා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාවෙන් පිදුම් ලබයි
2023/9/15
සැප්තැම්බර් මස 15 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ලංකා නිපොන් බිස්ටෙක් (Lanka Nippon BizTech) (LNBTI) ආයතනයේ සභාපති / උපකුලපති මහාචාර්ය ආනන්ද කුමාර මහතා වෙත විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව පිරිනමන ලදී.
ජපානය සහ අනෙකුත් රටවල් හා ප්‍රදේශ අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට කැපවෙන පුද්ගලයන් වෙනුවෙන්, ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ජාත්‍යන්තර ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහණ ලා ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව පිරිනමනු ලැබේ. මෙම ප්‍රශංසාවට ලක්වන්නන්ගේ ක්‍රියාකාරකම් සඳහා ජපන් මහජනතාව දක්වන සහයෝගය පිළිබදව අවබෝධය ප්‍රවර්ධනය කිරීම ද මෙතුළින් අරමුණු කරයි.
දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මහාචාර්ය ආනන්ද කුමාර මහතා අපමණ දායකත්වයක් ලබා දී ඇත. තවද ඔහු ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල දීර්ඝ කාලයක් තිස්සේ ජපන්ණරු තරුණියන් රාශියක් ගෝලීය වශයෙන් ක්‍රියාකාරී මානව සම්පත් ලෙස පෝෂණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. මීට අමතරව, ඔහු LNBTI ආයතනය ස්ථාපිත කර ඇති අතර, එය තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීමට පමණක් සීමා නොවී ජපන් භාෂාව සහ ජපන් ව්‍යාපාරික සංස්කෘතිය ඉගැන්වීම මගින් ජපන් සමාජය පහසුවෙන් පිළිගන්නා ආකාරයේ දක්ෂ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් බිහි කිරීම අතින් ඉදිරියෙන් සිටී. මහාචාර්ය කුමාරගේ උත්සාහය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පමණක් සීමා නොවී විවිධ ක්ෂේත්‍රවල අර්ථවත් සබඳතාවයනට මග පාදා ඇත. LNBTI ආයතනය හරහා ජපානයට තොරතුරු තාක්ෂණ මානව ප්‍රාග්ධනය සැපයීමෙන් ද ඒමගින් ලංකාවට විදේශ මුදල් උපයා ගැනීමෙන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය මෙන්ම දෙරටේ ආර්ථික අභියෝග විසඳීමට මෙම වැඩපිළිවෙළ දායක වේ. තවද, ඔහු පසුගිය වසරේ බොන් ඔදෝරි (Bon Odori) උත්සවය ඇතුළු විවිධ අවස්ථාවන්හිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික අන්තර්ක්‍රියා වැඩිදියුණු කිරීම සඳහා දායක වී ඇත. මේ වෙනුවෙන් LNBTI ආයතනයේ සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සහ ඔහුගේ කැපවීමෙන් බොන් ඔදෝරි උත්සවයට අලංකාරවත් ලෙස ඔවුන් දායක වී ඇති අතර එමගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 70 වන සංවත්සර උත්සවය විශිෂ්ට ලෙස පැවැත්වීමට උපකාරී වී ඇත.
විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවීම පිළිබඳව මහාචාර්ය කුමාර වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ තානාපති මිසුකොෂි, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු දරන නොපසුබස්නා උත්සාහයට සිය හෘද්‍යාංගම ගෞරවය පළ කළේය. මෙහිදී තානාපති තුමා LNBTI හි සුවිශේෂත්වය තවදුරටත් අවධාරණය කළ අතර, මෙම පිළිගත් ආයතනය මහාචාර්ය කුමාරගේ විශිෂ්ට මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ සිසුන් රැසක් හට අධ්‍යාපන අවස්ථා ලබා දෙනු ඇති බවත් ඒ මගින් ඔවුන් ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් සපයනු ඇතැයි ද යනුවෙන් තම අවංක බලාපොරොත්තුව අවධාරණය කළේය. එඑමෙන්ම මෙම සුවිශේෂී උත්සවය හරහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇතැයි ද තානාපති තුමා තම අපේක්ෂාව පළ කළේය.