ජපානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා සිය නොසැලෙන කැපවීම යලිත් තහවුරු කරයි
2023/9/22
සැප්තැම්බර් මස 22 වන දින පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික රෝහලට ඒම් ආර් අයි (MRI) ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්, ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින සුවිශේසී බැඳීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් නංවාලීම සඳහා ජපානයේ ඇති සාමූහික කැපවීම අවධාරණය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

ජපානය මීට පෙර සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත වෙත ලබා දුන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. මෙම උපකරණ ශ්‍රී ලංකාව තුළ රෝග විනිශ්චය කිරීමේ හැකියාවන් දියුණු කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම අති නවීන උපකරණ එකතුව සමඟින්, ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි වෛද්‍ය සේවාවන්හී වැඩි නිරවද්‍යතාවයක් සහ කාලෝචිත බවක් අපි අපේක්ෂා කරමු.

මෙම නව පරිත්‍යාගය ලබා දීම සමරමින්, ජපානය විසින් පරිත්‍යාග කරන ලද උපකරණ ගබඩා කර ඇති ස්ථානය "ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝග විනිශ්චය මධ්‍යස්ථානය" ලෙස නම් කරන ලද අතර, එය ජපන් හා ශ්‍රී ලාංකිය යන ජාතීන් දෙක අතර පවතින ස්ථිරසාර සහ ශක්තිමත් මිත්‍රත්වයේ ප්‍රබල සාක්ෂියක් වනු ඇත.

තානාපති මිසුකෝෂි මහතා කුඩා පරිමානයෙන් වී වගාවෙහි නිරතවන ගොවි මහතුන් සමඟ සෘජු සාකච්ඡාවල නිරතවුනු අවස්ථාවන්හිදී දේශීය ගොවීන්ට උපකාර කිරීමට ඇති තම දැඩි කැපවීම පිළිඹදව පොහොර ප්‍රදානය උත්සවයේදී කළ කතාව නැවතත් අවධාරණය කළේය.
තානාපති මිසුකෝෂි මහතා සිය දේශනයේදී ප්‍රකාශ කළේ, "ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝග විනිශ්චය නිරූපණ මධ්‍යස්ථානය අප රටවල් අතර පවතින කල්පවත්නා සුහදතාවයේ අසමසම සංකේතයක් බවයි. මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තානාපති තුමා විශ්වාසය පළ කලේය. මෙම අති නවීන වෛද්‍ය පහසුකම් තුළින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත බේරා ගැනීම පමණක් නොව ශ්‍රී ලාංකීය ජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම ද අපගේ අවංක බලාපොරොත්තුවයි යනුවෙන් තානාපති තුමා පවසා සිටියේය."

මෙම ව්‍යාපෘතිය ජපානය සහ ශ්‍රී ලංකාව අතර චිරස්ථායී හවුල්කාරිත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රට තුළ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා ජපානයේ දක්වන නොසැලෙන කැපවීම යළිත් තහවුරු කරයි.