මහනුවර දිස්ත්‍රික්කයේ අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා, අලුතින් පුළුල් කරන ලද මහනුවර ළමා සංවර්ධන මධ්‍යස්ථානය භාරදීම
2023/11/8

නොවැම්බර් මස 08 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුකැලේ පිහිටුවා ඇති, අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා වූ අලුතින් පුළුල් කරන ලද මහනුවර ළමා සංවර්ධන මධ්‍යස්ථානය, Child Action Lanka ආයතනය වෙත භාරදීමේ උත්සවයට සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය යටතේ ජපන් රජය විසින් පන්ති කාමර, ශාලාවක්, පුස්තකාලයක් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාමරයක් ඇතුළත් මහල් දෙකක් එක් කරමින් සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පුළුල් කිරීම සඳහා ඇ.ඩො. 63,935ක් ලබා දෙන ලදී. මෙමගින් ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සහ දළ වශයෙන් ළමුන් 350කට සහ තරුණ තරුණියන්ට නවාතැන් පහසුකම් සැලසීමේ හැකියාව පුළුල් කිරීම මෙන්ම අවදානමට ලක්විය හැකි කාන්තාවන් 80 දෙනෙකුට වඩාත් හොඳ රැකියාවක් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම සිදුකරනු ඇත.


ළමා හා කාන්තාවන්ගේ මානව හිමිකම් සහ අභිමානය ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම සහ දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීම සඳහා විවිධ ක්ෂේත්‍ර වෙත සහාය ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා අඛණ්ඩව දායක වීමට ඇති තම දැඩි කැපවීම තානාපති මිසුකොෂි මහතා මෙම අවස්ධාවේ දී නැවත අවධාරණය කළේය.