ජපානය, උතුරු-නැගෙනහිර ධීවර යටිතල පහසුකම් නංවාලීම සහ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති ද්විත්වය සඳහා පිළිවෙළින් ජපන් යෙන් මිලියන 200ක් සහ ජපන් යෙන් මිලියන 160ක් වටිනා ආධාර ප්‍රදානයන් සපයයි
2023/11/22
2023 නොවැම්බර් මස 22 වන දින, ව්‍යාපෘති 2 ක් සඳහා ජපන් ආධාර ප්‍රදාන පිළිබඳ සටහන් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරැ මිසුකෝෂි හිදයකි මහතා සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා අතර සිඋූකරන ලදී. පළමු ප්‍රදානය, ජපන් යෙන් මිලියන 200 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 435ක්), උතුරු-නැගෙනහිර ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නම් කර ඇති අතර, දෙවන ප්‍රදානය, ජපන් යෙන් මිලියන 160 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 335ක් ) ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් පිහිටුවීම සඳහා වන ව්‍යාපෘතිය සඳහා අමතර ප්‍රදානයක් ලෙස ලබා දෙයි. මේ සඳහා අත්සන් තැබීමේ උත්සවය ගරු ධීවර අමාත්‍ය, ඩග්ලස් දේවානන්ද මහතා සහ ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා ඉදිරියේ පැවැත්විණි.



ධීවර යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් දළ වශයෙන් රු. මිලියන 435ක් ලබාදෙන පළමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ලංකා ධීවර වරාය සංස්ථාවට අයිස් නිෂ්පාදන යන්ත්‍ර සහ ඩිජිටල් තරාදි ලබා දීම මගින් ඒම ආයතන සවිබල ගැන්වීම, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට දියුණු ධීවර ආම්පන්න ලබා දීම සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට ගැඹුරු අධිශීතකරණ සහිත ට්‍රැක්ටර් ලබාදීම තුළින් ශීතකරණ පහසුකම් පුළුල් කිරීම සහ නවීන උපකරණ සැපයීම මගින් ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම යනාදියයි. අවසානයේදී ධීවර නිෂ්පාදනයේ වටිනාකම ඉහළ නැංවීම සහ ඒමගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමයි.

ශ්‍රී ලංකාවේ කෙටි කාලීන කාලගුණ අනාවැකි පළ කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සහ කාලගුණ විද්‍යා ආපදා වල බලපෑම අවම කිරීමට ජපන් රජය 2017 ජුනි 30 සිට ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් පිහිටුවීමට සහාය දක්වයි. වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අතිරේක ප්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර මෙවර ලබා දී ඇත. අධික වර්ෂාපතනය සහ නියඟය වැනි ශ්‍රී ලංකාවේ කාලගුණය ආශ්‍රිත ඇතිවන ව්‍යසනවල බරපතලකම වැඩිවීම සැලකිල්ලට ගෙන, කාලගුණ විද්‍යා ව්‍යසනවල බලපෑම අවම කිරීමේ ප්‍රයත්නයට තවදුරටත් සහය ලබාදෙමින්, ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය පිහිටුවීම වෙනුවෙන් මෙම දෙවන ව්‍යාපෘතියේ අමතර ආධාර දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සහ ජපානය යන රටවල් දෙක අතර අඛණ්ඩ සහයෝගීතාවය සහ හොඳ හිත වර්ධනය කිරීමටත්, අභියෝගවලට පොඋූවේ මුහුණ දෙමින් වඩාත් සාර්ථක අනාගතයක් ගොඩනැගීමට තමන් තුළ ඇති සිය කැපවීම කැපවීම යළිත් තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සහ ජපානය යන රටවල් දෙක අතර අඛණ්ඩ සහයෝගීතාවය සහ හොඳ හිත වර්ධනය කිරීමටත්, අභියෝගවලට පොඋූවේ මුහුණ දෙමින් වඩාත් සාර්ථක අනාගතයක් ගොඩනැගීමට තමන් තුළ ඇති සිය කැපවීම කැපවීම යළිත් තහවුරු කරයි.