ජපානයේ රැකියා අවස්ථාවන් සඳහා නව දොරටුවක් - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයින් [Specified Skilled Workers (SSW)] සඳහා වන නිපුණතා පරීක්ෂණය 2023 දෙසැම්බර් මාසයේදී ආරම්භ වේ
2023/11/27
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයින් ලෙස ජපානයේ සේවය කිරීම සඳහා වන නව නිපුණතා පරීක්ෂණයක් 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දෙන බව ජපාන තානාපති කාර්යාලය සතුටින් ප්‍රකාශ කරයි. මේ සමගින් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන හෙද රැකවරණ, ආහාර සේවා සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල නිපුණතා පරීක්ෂණ සමඟ එක්ව ගත් කළ ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළ පැවැත්වේ.
ජපානයේ සේවය කිරීමට සහ ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට ද දායක වන කුසලතා ප්‍රගුණ කිරීම උදෙසා දක්ෂ ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම නව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය උදක්ම බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව ජපන් තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව ලබා දෙනු ඇත.
එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පරීක්ෂණ පවත්වනු ලබන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසෙන්න. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීම නොවැම්බර් 29 වැනිදා ආරම්භ වේ. https://www.prometric-jp.com/en/ssw