ජපානය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතා සබඳතාව තවදුරටත් ශක්තිමත් කරයි
2023/12/6

දෙසැම්බර් මස 6 වන දින පැවති උත්සවයකදී ගරු තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානය කරන ලදී. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ගැඹුරු බැඳීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් නංවාලීම සඳහා ජපානයේ ඇති සාමූහික කැපවීම අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත මෙම විශේෂිත වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම මෙම සුවිශේෂී අවස්ථාව මගින් සනිටුහන් කරයි. භාර දුන් උපකරණ අතර නිර්වින්දන මෙවලම් කට්ටලයක්, ස්වයංක්‍රීය පරාවර්තක මාපකයක්, දැඩි සත්කාර ඒකක ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක්, ස්ලිට් ලාම්පු තුනක්, ඇඳ අසල තබන නිරීක්ෂණ මොනිටර පහක් සහ ශල්‍ය උපකරණ කට්ටලයක් ඇතුළත් වේ. මෙම උපකරණ ප්‍රදානය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා ජපානයේ ඇති කැපවීම මනාව පැහැදිලි වේ.

මෙම අවස්ථාවේ දී තානාපති මිසුකෝෂි මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ප්‍රගමනය කිරීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරමින්, අද දින පැවැත්වෙන මෙම උපකරණ වල මූලික කාණ්ඩය භාරදීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා” යැයි පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායකත්වය දැක්වීම මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සුහදතාවය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අඛණ්ඩ අවශ්‍යතාව හවුල් දැක්මක් සහිතව ස්ථිරවම ජපානය තුළ පවතියි.

අද දින සිදුවෙන මෙම උපකරණ ප්‍රදාන භාරදීම නියෝජනය කරන්නේ නොබෝ දිනකින් සිදුවෙන විශාල ප්‍රදාන ව්‍යාපෘතියක ආරම්භය පමණි. අපගේ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී අතිරේක වෛද්‍ය උපකරණ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කෙරේ. මෙම තිරසාර හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් සහ සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට ජපානයේ ඇති දැඩි කැපවීම යළි යළිත් අවධාරණය කරයි.