ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW ) සඳහා ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 මාර්තු මාසයේදී පවත්වනු ලැබේ
2023/12/8
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ සේවය කිරීම සඳහා, ගුවන් තොටුපල බිම් හැසිරවීමේ ක්ෂේත්‍රයට අදාල නව නිපුණතා පරීක්ෂණයක් 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව තුළ අලුතින් හඳුන්වා දෙන බව ජපන් තානාපති කාර්යාලය සතුටින් ප්‍රකාශ කරයි. පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල නිපුණතා පරීක්ෂණ මෙන්ම මෑතකදී එකතු කරන ලද ඉදිකිරීම් ක්ෂේත්‍රය ද ඇතුළුව කාණ්ඩ පහක නිපුණතා පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළ දැනට පවතී.
ජපානයේ සේවය කිරීමට මෙන්ම ජපානයේ ගුවන් සේවා ක්ෂේත්‍රයට දායක වීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට ද උපයෝගී වන කුසලතා ප්‍රගුණ කිරීමට, දක්ෂ ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම නව අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය අවංකවම බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව ජපන් තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව ලබා දෙනු ඇත.
මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු 2024 ජනවාරි මාසයේදී මෙම පරීක්ෂණය පවත්වන ජපන් ගගණගාමී ඉංජිනේරු සංගමයේ පහත වෙබ් අඩවියෙන් යාවත්කාලීන කෙරේ. https://exam.jaea.or.jp/
කරුණාකර ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේ පෙළපොත සහ නියැදි ප්‍රශ්න පහත වෙබි අඩවියෙන් බලන්න. https://exam.jaea.or.jp/?page_id=356#section1(නිමි)