දිගු කලක් බලා සිටි "අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර 1" අවසන්

2024/2/16

 
2024 පෙබරවාරි  මස 15 ​​වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා, ජපන් රජය විසින් අරමුදල් සපයන ලද, දිගුකාලීන අපේක්ෂිත ණය ව්‍යාපෘතියක් වන "අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1",  සම්පූර්ණ කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්  මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේදී සහභාගී විය. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී ආචාර්ය ටනාකා අකිහිතෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම උත්සවය පැවැත්වුනු එතුමාගේ  සහභාගීත්වයෙන් ඒම අවස්ථාව වඩාත් උත්කර්ෂවත් විය.
 

මෙය 2013 වර්ෂයේදී ආරම්භ කරන ලද ජපන් යෙන් බිලියන 5.2 ක් (වර්තමාන මිල ගණන් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් පමණ) වටිනා ණය ව්‍යාපෘතියක් වන අතර එය දිගු කාලයක සිට නිදන්ගත ෆ්ලෝරෝසිස් සහ වකුගඩු රෝගවලින් පීඩා විඳි අනුරාධපුරයේ 61,000 කට නිරතුරුවම ආරක්ෂිත ජලය සැපයීමට දායක වේ. මෙම ව්‍යාපෘතිය කෘෂිකාර්මික හා කර්මාන්ත සංවර්ධනයට මෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන්නන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පාදක වනු ඇත.
 

 
තානාපති මිසුකොෂි මැතිතුමා මෙම විශේෂිත ව්‍යාපෘතිය වසංගත රෝග සහ ආර්ථික අර්බුද හමුවේ වුවද සම්පූර්ණයෙන් නිමා කිරීමට සහ අති සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබඳව මේ සදහා මහත් කැපවීමකින් සහ විශාල උත්සාහයක් කටයුතු කල සෑම දෙනාටමත් ගරු ජනාධිපතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ටත් උණුසුම් සුබපැතුම් පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම මගින් ශ්‍රී ලංකාව සාර්ථකත්වය කරා නැවත පුනර්ජීවනය කිරීමේ පූර්වගාමියා ලෙස ඉදිරි වසරවලදී ඒය තවත් සංවර්ධනය කරා ගෙන යන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි ද ඔහු අවංක බලාපොරොත්තුව මෙහිදී පළ කළේය.