ජපානය, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා දක්වන ශක්තිමත් කැපවීම නැවත තහවුරු කරයි
2024/2/16


2024 පෙබරවාරි මස 15 වන දින, පුත්තලම ප්‍රදේශයේ ගොවි සංවිධාන වෙත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උරයේ රැගෙන යාහැකි ඉසින යන්ත්‍ර (solar powered backpack sprayers), ජල පොම්ප සහ සිසිල් කාමර (cool room) ඇතුළු පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් භාරදීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරැ මිසුකොෂි හිදයකි මැතිතුමා, සහභාගී විය.
.

"ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි කුඩා වතු හිමියන් අතර, හරිත තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය පුළුල් කිරීම තුළින් ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම" මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙයි. මෙම ප්‍රතිපාදනය ජපන් රජය විසින් ඒ්වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ වෙනුවෙන් අරමුදල් ද සපයනු ලබයි. මෙය ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල (UNDP) මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති හා බලශක්ති හිඟයට මුහුණ දෙන කෘෂිකාර්මික අංශයට සම්බන්ද බොහෝ දෙනෙකුට සහය වන අතර, පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගනිමින් ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව වඩාත් ඉහළ නංවනු ඇත.


මෙම ලබාදුන් සහයෝගය කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ තිරසාර සංවර්ධනයට දායකත්වය දක්වනවා මෙන්ම ගෝලීය පරිසරය සැලකිල්ලට ගනිමින් තිරසාර කෘෂිකර්මාන්තයේ වැදගත්කම පිළිබඳව ගොවීන්ට ඔවුන්ගේ අවබෝධය ගැඹුරු කිරීමට ද උපකාරී වනු ඇතැයි තානාපති මිසුකොෂි මහතා සිය අවංක බලාපොරොත්තුව පළ කළේය. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩිදියුණු කරමින්, ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව අඛණ්ඩව ලබා දීමට ජපානය කැපවී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
