කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් අධිරාජ්‍ය උතුමාණන්ගේ 64වන ජන්ම දිනය සමරනු ලබයි
2024/2/22

ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 64 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයක් තානාපති නිල නිවසේදී පවත්වන්නට යෙදුණි. 2024 පෙබරවාරි 21 වන දින පවත්වන ලද මෙම සම්භාවනීය උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර චිරස්ථායී මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ සුවිශේෂී අවස්ථාවක් විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සහභාගී විය. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එතුමා සමගින් මෙම උත්සවයට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම පිළිබඳව සිය නොවක් කෘතඥතාව පළ කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රගතිය සහ සෞභාග්‍යය වෙනුවෙන් සිය අවංක ප්‍රාර්ථනා ප්‍රකාශ කර සිටින අතර, දෙරට අතර උණුසුම් සහ සුහද සබඳතා පවත්වා ගැනීම වෙනුවෙන් සිය නොසැලෙන කැපවීම යළිත් තහවුරු කරනු ලබයි.