සෞඛ්‍ය සේවා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්: ජපානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රදානය කරයි
2024/2/27

2024 පෙබරවාරි මස 27 වන දින, පැවති උත්සවයකදී වැඩබලන තානාපති කත්සුකි කොතරො මහතා විසින් රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනක යන්ත්‍ර බල ගැන්වීම හා රෝගීන් ප්‍රවාහනය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සඳහා අත්‍යවශ්‍ය වන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය. දෙරට අතර පවතින ගැඹුරු බැඳීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් නංවාලීම සඳහා ජපානයේ පවත්නා සාමූහික කැපවීම මෙමගින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ජපන් රජය සෞඛ්‍ය සේවා සඳහා ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් යෙන් බිලියන 5 ක ආධාර ප්‍රදානයක් පසුගිය පෙබරවාරි මාසයේදී ලබාදීමට එකඟතාවය පල කල අතර, සපයාගත් ඩීසල් හදිසි වාහන සඳහා භාවිත කළ පළමු දිනය අද ලෙස සනිටුහන් කළේය. අද උත්සවයට පෙරාතුව, පෙබරවාරි මස 19 වන දින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා වරාය අමාත්‍යවරුන් සමඟ තානාපති මිසුකොෂි මහතා ඉන්ධන දිවයිනට පැමිණීම පිළිගැනිම සදහා පැවති උත්සවයට සහභාගී විය.
වැඩබලන තානාපති කත්සුකි මහතා සිය කථාවේදී ප්‍රකාශ කළේ, “ඉදිරිය දෙස බලන විට, මෙම ඉන්ධන ශ්‍රී ලංකාව පුරා බෙදා හරින බව හඳුනා ගැනීම වැදගත් වන අතර එමඟින් බොහෝ දුරට ප්‍රජාවන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත්ය. ලබාදුන් මෙම සහයෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස ඉහළ තත්වයකට නංවනු ඇති අතර අවසානයේ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

මෙම ඉන්ධන පැමිණීම සංකේතාත්මක දායකත්වයක් පමණක් නොව බලාපොරොත්තුව සහ ප්‍රගතිය සංකේතවත් කරයි. එය ගිලන්රථවලට ඉන්ධන සැපයීමට සහ රට පුරා සෞඛ්‍ය සේවා පහසුකම් සුමටව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයයි. මෙම ව්‍යාපෘතිය තුළින් ළඟා කරගන්නා සංවර්ධනය අපි සියළු දෙනා සාදරයෙන් පිළිගෙන එක්ව සැමරිය හැකි අවස්ථාවක් වනු නොඅනුමානය.