එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව : කොළඹදී ජංගම සෞඛ්‍ය සායන ඒකක භාරදීම

2024/3/4
UNFPA හි ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂක පියෝ ස්මිත් (Pio Smith) මහතා සහ ජපන් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කත්සුකි කොතරෝ (Katsuki Kotaro) මහතා විසින් සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය ජංගම සෞඛ්‍ය සායන ඒකක තුනක් (Health on Wheels), සෞඛ්‍ය අමාත්‍ය ර‌මේෂ් පතිරණ මහතා වෙත භාරදීම 2024 මාර්තු 1 දින  සෞඛ්‍ය අමාත්‍යයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස සහ අවදානමට ලක්ව ඇති ප්‍රජාවන්හි වෙසෙන කාන්තාවන්ට සහාය ලබාදීමේ අරමුණ ඇතිව, ජපන් රජයේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 4‍‍.6 මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලබන “ගුණාත්මක ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇතිවන ප්‍රචණ්ඩත්වය වලක්වාලීම සහ කාන්තාවන්, ගැහැණු ළමුන් සහ අවදානමට ලක්වඇති කණ්ඩායම් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීමේ” (Ensure) ව්‍යපෘතිය යටතේ ‌මෙම පරිත්‍යාගය සිදු කෙරිණි‍.‍ ‍‍සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන ආකාරයෙන් සකස්කර ඇති මෙම ජංගම සායන ඒකක මාතෘ සහ  ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීම උදෙසා පුරෝගාමී පියවරක් ලෙස සැලකිය හැකි අතර‍‍, පවත්නා අර්බුදය්දී මෙන්ම පසු ව්‍යසන අවස්ථාවලදී හුදකලා සහ පළාත්බද ප්‍රජාවන් වෙත සේවාවන් සැපයීමේදී භාවිත කළහැක.
 
අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ඕනෑම ප්‍රදේශයකදී ජනතාව වෙතගොස් ලබාදිය හැකි මෙම ජංගම සායන ඒකක, ප්‍රජාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගැනීම පිණිස වැදගත්වනු ඇති අතර,  සෑම පුද්ගලයකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා UNFPAහි කැපවීම මෙමගින් තවදුරටත්රු වේ.

තවද,   ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ  වර්ධනයට සහ  ප්‍රජාවන් බලගැන්වීම සඳහා වන අපගේ සාමූහික ප්‍රයත්නයේ සන්ධිස්ථානක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැක.