උතුරු පළාතේ සමූපකාර සමිතිවල වෛද්‍ය පහසුකම් සැපයීම සහ කිරි නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානයේ සහාය
2024/3/11
2024 මාර්තු මස 11 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන [Grassroots Human Security Projects (GGP)]" වැඩසටහන යටතේ සමුපකාර සමිති දෙකක් සමග ආධාර ප්‍රදාන ගිවිසුම් අත්සන් කරන ලදී. මෙහිදී මූලායි සමුපකාර රෝහල වෙනුවෙන් එහි සභාපති ඒ. එන්. මනුනීති මහතා සහ පශු සම්පත් අභිජනනය කරන්නන්ගේ සමුපකාර සමිතිය [Livestock Breeder’s Cooperative Society (LIBCO)] වෙනුවෙන් එහි සභාපති වී. කේතීස්වරන් මහතා මෙම ගිවිසුම් වලට අත්සන් කරන ලදී .
LIBCO හි සභාපති වී. කේතීස්වරන් මහතා මෙසේ පැවසීය.
“විකිණුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ සැකසුම් මධ්‍යස්ථාන නව උපකරණ සමඟ වැඩිදියුණු කිරීම ඇතුළුව අපගේ පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය මුදල් ලබා දීම පිළිබඳව අපි ජපන් රජයට අපගේ අවංක කෘතඥතාව පළ කරමු. මෙමගින් අපගේ පශු ගොවිපල හා සම්බන්ධ පවුල්වලට ප්‍රතිලාභ සැලසෙන අතර අපගේ කලාපයේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවෙනු ඇත. විශේෂයෙන්ම මෙම වැදගත් ව්‍යාපෘතිය හරහා කලාපයේ කාන්තා මූලික පවුල් සඳහා විභව රැකියා උත්පාදනය කිරීමට ද අපි කැමැත්තෙමු.”
“කිලිනොච්චිය, රටේ අස්ථාවර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ කලාපයක් වන අතර, මිනිස් සහ පශු සම්පත් යන දෙඅංශයටම බලපාන අවතැන්වීම් ගණනාවක් මේ ප්‍රදේශයේ දැකගත හැකි විය. දුෂ්කරතා මධ්‍යයේ වුවද, කිලිනොච්චියේ දේශීය ගොවීන් කෘෂිකාර්මික භාවිතයන්ගෙන් නවීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තම ආර්ථිකය පුනර්ජීවනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. කලාපය තුළ කිරි එකතු කිරීම සහ කුඩා පරිමාණ කිරි අගය එකතු කිරීම සහ අලෙවිය පිළිබඳ වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇති LIBCO මෙම ව්‍යාපෘතිය අවසන් වන විට කිරි එකතු කිරීමේ ප්‍රතිශතය අවම වශයෙන් 80% කින් වැඩි කිරීමට අපේක්ෂා කරයි.”
LIBCO සඳහා මෙම වැදගත් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ ජපන් තානාපති කාර්යාලය සමඟ අපව සම්බන්ධ කිරීම පිළිබඳව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය [Office of National Unity and Reconciliation (ONUR)] වෙත ස්තුති කිරීමට LIBCO මෙය අවස්ථාවක් කර ගනියි. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට තාක්ෂණික මගපෙන්වීම සහ සමස්ත ක්‍රියාවලිය තුළ ඔවුන් ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අපි ස්තූතිවන්ත වෙමු.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෛද්‍ය පහසුකම් සැපයීම සහ කිරි නිෂ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සහය දැක්වීම වෙනුවෙන් ජපන් රජය මෙම ව්‍යාපෘති දෙක සඳහා මූලායි රෝහල සහ LIBCO සමඟ එක්ව ඇමරිකානු ඩොලර් 103,924 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 32 ක්) ලබා දී ඇත.
ජපානයේ ශ්‍රී ලංකාව සඳහා වන නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි. ජපන් රජය රට තුළ, විශේෂයෙන් උතුරු පළාතේ සාමය ගොඩනැගීමේ සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියට විවිධ ආකාරයෙන් සහයෝගය ලබා දෙයි.
සමාජ සේවා හා ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුද්ගලයන්ට ප්‍රතිලාභ සැලසීම සහ අවදානමට ලක්විය හැකි ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන කර්මාන්තවල තිරසාරභාවය සහතික කිරීම යනාදී කාර්යන් සඳහා මෙම ව්‍යාපෘති තුළින් සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බව තානාපති මිසුකොෂි මහතා අවධාරණය කළේය. මීට අමතරව, මෙම සුන්දර දිවයිනේ දිගුකාලීන ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වන උතුරු පළාතේ විවිධ ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙම කාර්යන් හරහා ඉටුවෙනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය.
මෙම දීමනාව ලබාදීම පිළිබඳව අදහස් දක්වමින්, මූලායි සමුපකාර රෝහලේ සභාපති ඒ. එන්. මනුනීති මහතා මෙසේ පැවසීය.
“සීමාසහිත මූලායි සමූපකාර රෝහල් සංගමයේ සභාපතිවරයා වශයෙන්, අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම ඇතුළුව මාතෘ වාට්ටුව සහ ශ්‍රම කාමරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපාන තානාපති කාර්යාලය ලබා දෙන සහයෝගය පිළිබඳව මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මාතෘ සායන සේවය අපගේ වෛද්‍ය සේවයේ ජනප්‍රියම සේවාවයි. අපේ අසල්වැසි ගම්මානවල ජීවත්වන ජනතාව පමණක් නොව දුර පළාත්වල ජනතාව ද මාතෘ සේවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණීමට පුරුදුව සිටියහ. නමුත් පසුගිය කාලයේ රටේ ඇති වූ අභ්‍යන්තර කැළඹීම් හේතුවෙන් රෝහල් ගොඩනැගිලිවලට හානි සිදුවී, වෛද්‍ය උපකරණ විනාශ වී නැතිවී ගියා; ඒ නිසා මේ දක්වා ඒම සේවා අඛණ්ඩව කරගෙන යන්න බැරි වුණා.”
“අපගේ හදිසි සේවා දිගටම කරගෙන යාමට හැකිවන අයුරින් පසුගිය වසරේදී ප්‍රතිසංස්කරණය කරන ලද ගිලන්රථ දෙකක් පරිත්‍යාග කිරීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට ස්තූති කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. මෙම ගිලන්රථ දෙකේ සේවයෙන් රෝගීන් ප්‍රතිලාභ ලබන බැවින් රෝහලේ කීර්තිනාමය තවත් වර්ධනය වී ඇති බව සඳහන් කළ යුතුය. අවට සිටින අසරණ ජනතාවගේ අඛණ්ඩ සහයෝගය සහ උන්නතිය වෙනුවෙන් ජපන් රජයට සහ ජපන් ජනතාවට රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය, රෝහල් ප්‍රජාව සහ කලාපයේ ජනතාව වෙනුවෙන් අපගේ අවංක කෘතඥතාව පළ කරනවා” යනුවෙන් මූලෙයි සමුපකාර රෝහලේ. සභාපති තුමන් පැවසීය.