පිළිකා රෝගී දරුවන් සඳහා රෝග නිවාරණ සත්කාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදෙයි

2024/3/13

2024 මාර්තු මස 13 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන [Grassroots Human Security Projects (GGP)]" වැඩසටහන යටතේ ඉන්දිරා පිළිකා භාරය ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව එහි සභාපතිනී ආචාර්ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය සමඟ අත්සන් කරන ලදී.
 
මහරගම පිහිටි ඔවුන්ගේ සහන සත්කාර මධ්‍යස්ථානය වන "සුව අරණ" හි සුව කිරීමේ උද්‍යානයක් ස්ථාපිත කිරීම සඳහා ජපන් රජය විසින් GGP හරහා ඉන්දිරා පිළිකා භාරයට ඇමරිකානු ඩොලර් 51,675 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 16) ලබා දී ඇත.


1989 සිට ජපන් රජය GGP හරහා ව්‍යාපෘති 320 කට සහාය ලබා දී ඇති අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 58.4 කට වඩා වෙන් කොට ඇත.
 
තනාපති මිසුකොෂි මහතා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය ජපානයේ නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තිය සමඟ ඉතා සංකීර්ණ ලෙස බැඳී ඇති බවත් ඒවාට අනුකූලව සහය ලබා දීමට ජපානය කැපවී සිටින බවත්ය.  මීට අමතරව, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා බියකින් තොරව සතුටින් හා අභිමානයෙන් ජීවත් වීමට පුද්ගලයින්ව බලගැන්වීම සහ ආරක්ෂා කිරීමේ වැදගත්කමත්, ජාතිය සහ ප්‍රජාව ගොඩනැගීම සම්බන්දයෙන් මානව ආරක්ෂාව සැපයීම කෙරෙහි රටක් විශාල කාර්යභාරයක් සහ අවධානයක් යොමු කර යුතු බවත්ය ඒ මහතා පැවසීය.


මෙම ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මෙසේ පැවසුවාය.
“අපගේ සුව කිරීමේ පහසුකම් දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ජපන් තානාපති කාර්යාලයේ සහයෝගය පිළිබඳව අපි බෙහෙවින් කෘතඥ වෙනවා. මෙම ව්‍යාපෘතිය ළමා රෝග නිවාරණ සත්කාර සඳහා අපගේ පරිපූර්ණ ප්‍රවේශයේ වැදගත් අංගයක් නියෝජනය කරන අතර, අපගේ රැකවරණය යටතේ සිටින තරුණ රෝගීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවයි.”
 
ජපන් තානාපති කාර්යාලය සමඟ ඇති මෙම සහයෝගීතාවය බරපතල රෝගාබාධවලට මුහුණ දෙන දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වන හවුල් කැපවීම අවධාරණය කරයි. අපගේ ‘සුව අරණ’ ළමා රෝග නිවාරණ මධ්‍යස්ථානය තුළ සන්සුන් හා චිකිත්සක පරිසරයක් නිර්මාණය කිරීමේදී ජපාන තානාපති කාර්යාලය විසින් සපයනු ලබන ත්‍යාගශීලී ප්‍රදානය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.


එළිමහන් පහසුකම් සපයන ව්‍යාපෘතිය තරුණ රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අභයභූමියක් සැපයීම හා සමාන මහගු කාර්යක් වන අතර, අභියෝගාත්මක කාලයන් මධ්‍යයේ නිස්කලංක භාවයේ සහ සැනසිල්ලේ සිටීමට අවශ්‍ය පරිසරය ලබා දීම අරමුණු කරයි. කල්පනාකාරීව භූමි අලංකරණය සහ සැලසුම් කිරීම තුළින්, ළමා රෝගීන්ගේ මානසික සුවතාවය සපුරාලීම සඳහා මෙම උද්‍යානය සකස් කරනු ලබන අතර, එය උපකාරක සහ නඟා සිටුවීමේ වාතාවරණයක් ලබා දෙනු ඇත. ජපන් තානාපති කාර්යාලයේ සහය සහ ත්‍යාගශීලීභාවය හේතුවෙන් ළමා රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතවලට සුව කිරීමේ උද්‍යානය ඇති කරන ධනාත්මක බලපෑම පිළිබඳ අපි මහත් බලාපොරොත්තුවෙන් සිටිමු.