ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් [Specified Skilled Workers (SSW)] සඳහා නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතා පරීක්ෂණය 2024 මැයි මාසයේ ආරම්භ වේ

2024/4/3
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් 2024 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව ජපන් තානාපති කාර්යාලය සතුටින් දන්වා සිටියි. 2022 සිට ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්මාන්තයේ දැනට පවතින නිපුණතා පරීක්ෂණ මෙන්ම, මෑතකදී එකතු කරන ලද ඉදිකිරීම් සහ ගුවන් තොටුපළ බිම් හැසිරවීම සමඟින්, නවාතැන් කර්මාන්තය එකතු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දී ක්ෂේත්‍ර හයක් සඳහා කුසලතා පරීක්ෂණ සඳහා අයදුම් කල හැකිය.
 
සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්තයක් වන බැවින්, 2024 වර්ෂයේ සිට ඉදිරියට වසර පහක කාලසීමාවක් තුළ විදේශික ශ්‍රමිකයින් 23,000ක් දක්වා බඳවා ගැනීමට ඇස්තමේන්තු කර ඇති අතර නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ජපානයේ සේවය කිරීමට කැමති දක්ෂ ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම නව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය අවංකවම බලාපොරොත්තු වේ. ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙනු ඇත.
 
එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පරීක්ෂණ පවත්වන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
https://www.prometric-jp.com/en/ssw/test_list/archives/12

ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේ නියැදි ප්‍රශ්න සඳහා කරුණාකර පහත දිගුව වෙත යන්න.
https://caipt.or.jp/tokuteiginou