ජපානය ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් සමඟ සිය සහයා්ගය පුළුල් කරයි

2024/4/25
2024 අප්‍රේල් මස 25 වන දින, ජපානය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සිදූ කරන ලදී. එනම් "ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ස්වයං තිරසාර සංස්කෘතිය මත පදනම් වූ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම" ව්‍යාපෘතිය දියත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ” ව්‍යාපෘතිය දියත් කිරීමයි.
 

 
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ එක්ව, මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් වෙන් කර ඇත. මිරිදිය ධීවර සංවර්ධනය සඳහා සමුද්‍රීය ධීවර කර්මාන්තයෙන් ඔබ්බට විහිදෙන ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සහය දැක්වීමට ජපානයේ නොසැලෙන කැපවීම මෙම මුලපිරීම අවධාරනය කරයි.

තානාපති ගරැ මිසුකොෂි මැතිතුමා සිය කතාවේදී, මෙම හවුල්කාරිත්වය සඳහා ජපානයේ දිගුකාලීන කැපවීම ඉස්මතු කරමින්, "ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම, දූපත් ජාතීන් වශයෙන් අපගේ ආර්ථිකයන් සහ සංස්කෘතීන් තුළ ධීවර කර්මාන්තයේ ඇති වැදගත්කම පිළිබඳව ගැඹුරින් මුල් බැස ගත් අගය කිරීමක් ඇතිව කටයුතු කරයි. මෙම හවුල්කාරීත්වයේ වැදගත්කම හඳුනා ගනිමින් ජපානය ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට සහය දැක්වීමට ඇති කැපවීමෙහි නොසැලී සිටියි."
 

 
මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, FAO හි කැපවීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්හි ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපායන් සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කල්පවත්නා ධනාත්මක බලපෑම් ඇති කිරීමට ද මෙමගින්   සූදානම් වේ. ග්‍රාමීය ප්‍රජාවන් සමෘද්ධිමත් කිරීම සහ ධීවර කර්මාන්තය දියුණු වන අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සහය දැක්වීම සදහා සිය කැපවීම ජපානය යලි තහවුරු කරයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා FAO හි කැපවීමත් සමඟ, ව්‍යාපෘති ද්විත්වයේ දිගුකාලීනව පවත්වා ගෙන යාම සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කල්පවත්නා ධනාත්මක බලපෑම් ඇති කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන් තුළ. ග්‍රාමීය ප්‍රජාවන් සමෘද්ධිමත් වන සහ ධීවර කර්මාන්තය දියුණු වන අනාගතයක් සඳහා ප්‍රයත්න දරන ජපානය ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සහයෝගය දැක්වීමට ඇති සිය කැපවීම යලි යලිත් තහවුරු කරයි.