ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය ශ්‍රී ලංකාවේ සිටින ජපාන ජාතිකයින් හා ව්‍යාපාරික නියෝජිතයින් හමුවෙයි

2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය, මැයි මස 4වන දින ප.ව. 12.50ට පමණ ශ්‍රී ලංකාවේ සිටින ජපාන ජාතිකයින් හා මෙරට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ජපන් සමාගම් නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, එම භෝජන සංග්‍රය මිනිත්තු 45ක පමණ කාලයක් පවත්වන්නට යෙදුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීම, පරිපාලන ප්‍රතිසංස්කරණ ස්ථාවරව ක්‍රියාත්මක කිරීම, “නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර [Free and Open Indo-Pacific (FOIP)]” කලාපයක් මෙන්ම, කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව [Women, Peace and Security (WPS)] පිළිබඳ ක්ෂේත්‍රෙය් ප්‍රවර්ධනය සිය සංචාරයේ අරමුණ බව අමාත්‍ය කමිකාවා මහත්මිය සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර වත්මන් මිත්‍ර සබඳතා ශ්‍රී ලංකාවේ සිටින ජපන් ජාතිකයින්ගේ සහ ජපන් සමාගම්වල දෛනික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කළ අමාත්‍ය කමිකාවා මහත්මිය ඔවුන් කෙරෙහි සිය ගෞරවය පළ කළේය.


(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

ව්‍යාපාර සහ මානව සම්පත් හුවමාරු ක්ෂේත්‍රවල  කටයුතු කරන්නන්ගේ වත්මන් ක්‍රියාකාරකම් සහ අනාගත අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍ය කමිකාවා මහත්මිය, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව තහවුරු කළාය.