ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය කොළඹ වරායේ සහ කොළඹ නැව් තටාංගනයේ සංචාරයක නිරත වෙයි
2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය, මැයි මස 4වන දින ප.ව. 6.00ට පමණ ජපානයේ සහයෝගයෙන් කටයුතු සිදු කෙරෙන කොළඹ වරායේ සහ කොළඹ නැව් තටාකාංගනයේ සංචාරයක නිරත වූ අතර, එම සංචාරය මිනිත්තු 30ක පමණ කාලයක් පවත්වන්නට යෙදුණි.

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)
පළමුව, වරායේ පාලන කුළුණේ සිට සමස්ථ වරායම නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් ජේ. මලවිගේ මහතා විසින් ඉන්දියන් සාගර කලාපයේ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි වරායේ ඇති වැදගත්කම සහ ජපාන ආධාර මත ඉදිකරන ලද පහසුකම් පිළිබඳව පැහැදිලි කළේය.
ඉන් අනතුරුව මෙම පිරිස ජපන් නැව් තැනීමේ සමාගමක් වන කොළඹ නැව් තටාකාංගනය වෙත ගමන කළ අතර, එහි සභාපති තිමිර එස්. ගොඩකුඹුර මහතා සහ අධ්‍යක්ෂ ජේ. ෆුරුකාවා මහතා විසින් සමාගම සහ එය මුහුණ දෙන අභියෝග පිළිබඳ විස්තර කරමින් නැව් තටාකාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එම පිරිස සහභාගී කරවූහ.

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)
විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා මහත්මිය විසින් ඉදිවෙමින් පවතින වරාය මගින් වැඩි කිරීමට නියමිත ධාරිතාව, ඉදිකිරීම් නිම කරන දිනය, නැව් තටාකාංගනයේ ව්‍යාපාරික තත්ත්වය සහ ඔවුන් ව්‍යාපාර කරන සමාගම්වල ජාතිකත්වය පිළිබඳව ප්‍රශ්න රැසක් විමසන ලදී.