ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහය

2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

සවස පවත්වන්නට යෙදුණු ද්විපාර්ශවික හමුවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය, මැයි මස 4වන දින ප.ව. 7.30ට පමණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්රි මහතා විසින් පවත්වන්නට යෙදුණු රාත්‍රී භෝජන සංග්‍රයකට සහභාගී වූ අතර, මෙම භෝජන සංග්‍රය පැයකට ආසන්න කාලයක් පැවැත්වීමට යෙදුණි. එම භෝජන සංග්‍රයදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරනා පහතින් දැක්වේ.

අමාත්‍ය දෙපළ නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග සහ යුක්රේනයේ තත්ත්වය ඇතුළු කලාපීය කටයුතු පිළිබඳව අවංකව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යාමට එකඟ වූහ.
 
අමාත්‍ය දෙපළ ගෝලීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත් අතර, අමාත්‍ය කමිකාවා මහත්මිය ඇය සිය ධුරයට පත්වීමෙන් පසු කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව [Women, Peace and Security (WPS)] පිළිබඳ සංකල්පය දැඩි ආශාවකින් ප්‍රවර්ධනය කරන බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජී7 සමුළුවේ WPS හවුල්කාරිත්වයේ හවුල්කරුවෙකු බව සඳහන් කරමිනි. එමෙන්ම අනාගතයේදී WPS ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජපානය කැමැත්තෙන් සිටින බව ඇය වැඩිදුරටත් පවසා සිටියාය. මෙයට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මහතා විසින් WPS ක්ෂේත්‍රය වෙනුවෙන්  ජපානයෙන් ලබා දුන් සහයෝගයට කෘතඥතාව පළ කළ අතර, එම සහයෝගීතාවය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටි බවද ප්‍රකාශ කළේය. ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ ඇතුළු එක්සත් ජාතීන්ගේ කාර්යයන් ශක්තිමත් කිරීම ඇතුළු ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු සහයෝගීතාවක් ඇති කර ගැනීමට ද අමාත්‍යවරු දෙපළ එකඟ වූහ.