ජපන් විදේශ අමාත්‍ය කමිකාවා මැතිණිය විසින් ශ්‍රී ලංකාවට සෝනාර් උපකරණ සහිත යාත්‍රාවක් ලබාදීමේ තීරණය දැනුම් දෙන ලදී

2024/5/4
මැයි මස 4 වැනි දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු කමිකාවා යෝකෝ මහත්මිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු. එම්. යූ. එම්. අලි සබ්රි අමාත්‍යවරයා සමඟ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වීය.
 
අමාත්‍ය කමිකාව ප්‍රකාශ කළේ, “ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම මුහුදෙන් වට වූ දූපත් රාජ්‍යයන් බවත්,  මෑත වසරවල උද්ගතවූ දැඩි ජාත්‍යන්තර තත්ත්වයන් මධ්‍යයේ, සමුද්‍රීය වසම තුළ "නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර තීරයක්" සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජපානය අදහස් කරයි.
 
මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් මත, කමිකාවා අමාත්‍යතුමිය, සබ්රි අමාත්‍යවරයාට දන්වා ඇත්තේ, සමුද්‍ර සිතියම් සැකසීම සඳහා ජපානය විසින් සෝනාර් පහසුකම් සවිකළ යාත්‍රාවක් ලබා දෙන බවයි.
 
තවද, මෙම සුන්දර මුහුදෙන් වටවී ඇති ශ්‍රී ලංකාව, හැකි ඉක්මනින් පෙර පරිදි ආර්ථික සංවර්ධනයෙන් නැවත යථා තත්ත්වයට පත් වී ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ප්‍රගතියක් අත්කර ගනිමින් කටයුතු කරනු ඇතැයි කමිකාවා අමාත්‍යතුමිය සිය විශ්වාසය පළ කළාය.