ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්‍ෂාව න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ජපානය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය එක් වෙති

2024/5/8
\

2024 මැයි 8 (කොළඹ, ශ්‍රී ලංකාව): ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සහ ගැටුම් වැළැක්වීම සඳහා කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ නායකත්වය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය "සාමයේ මංපෙත්" ව්‍යාපෘතිය දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීමයි. ඒ වෙනුවෙන් ජපාන රජය 2018 වසරේ සිට ශ්‍රී ලංකාවට සිය හවුල්කාර රට ලෙස සහාය දක්වමින් සිටියි.

2023 පෙබරවාරි මාසයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අංක 1325 (2000) යෝජනා සම්මතයේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, කාන්තාව, සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව විසින් සිය පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කරන ලදි. මෙම සැලැස්ම සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද අතර, එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ තාක්ෂණික සහාය සහ ජපාන රජයේ අරමුදල් ඒ වෙනුවෙන් පිරිනමන ලදි.

සැලැස්ම සාර්ථක ලෙස සම්මත කර ගැනීමෙන් අනතුරුව, ව්‍යාපෘතියේ අරමුණ වන්නේ එහි ප්‍රමුඛතා ක්‍ෂේත්‍ර ක්‍රියාත්මක කරමින් සාමය සඳහා ශක්තිමත් මාවත් නිර්මාණය කිරීමයි. කාන්තා සාමය ගොඩනගන්නන් 500දෙනෙකුට ධාරිතා ගොඩනැගීමේ සහාය ලබා දීම මෙයට ඇතුළත් වේ. එමගින් ඔවුන්ට ආරවුල් නිරාකරණය, සමථකරණය සහ සාමය ගොඩනැගීම හැකියාවන් ලබාදෙයි. ඒ සමගම ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ සමාජ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගෘහ හා ප්‍රජා මට්ටමින් සමාජ සම්මතයන් සහ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන් ද පැවැත්වේ.

මෙම ව්‍යාපෘතිය මගින් කලින් ගැටුම් පැවති ප්‍රදේශවල කාන්තාවන් ප්‍රමුඛ ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහාය ලබාදෙන අතර රටේ සමාජ-ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් කාන්තා ගෘහ මූලිකයන් සහ ආබාධිත කාන්තාවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ද සහාය ලබා දෙනු ඇත.
 
“ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය සහ ආරක්‍ෂාව න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී ජපානය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ දිගුකාලීන හවුල්කරුවෙකි. අපගේ වැඩසටහන් කාන්තාවන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙනසක නායකයින් බවට පත් කිරීම සඳහා මෙම හවුල්කාරිත්වය දිගටම පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු,” යි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ප්‍රධානී රමායා සල්ගාදු පැවසුවාය.

මෙම ව්‍යාපෘතිය අනුරාධපුර, මඩකලපුව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරේ