කැබිතිගොල්ලෑව සූර්ය බලාගාරය විවෘත කිරීමේ උත්සවය: ඒකාබද්ධ බැර කිරීමේ යාන්ත්‍රණය (JCM) යටතේ ජපන් ශ්‍රී ලංකා සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
2024/8/7

2024 අගෝස්තු මස 07 වෙනි දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදෙඅකි මැතිතුමා, ඒකාබද්ධ බැර කිරීමේ යාන්ත්‍රණය [Joint Crediting Mechanism (JCM)] යටතේ ක්‍රියාත්මක වන පළමු ව්‍යාපෘතිය වන කැබිතිගොල්ලෑව සූර්ය බලාගාරය විවෘත කිරීමේ උත්සවයට, සහභාගී විය. තවද මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා, සීමාසහිත ෂිබතා කෝර්පරේෂන් (Shibata Corporation Ltd.) සමාගමේ සභාපති ෂිබතා තත්සුහිරෝ සහ සීමාසහිත වින්ඩ්ෆෝස් පොදු සමාගමෙ (Windforce PLC) හි කළමණාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස කැබිතිගොල්ලෑව සූර්ය බලාගාරයේ ඇති වැදගත්කම සිය දේශනයේදී තානාපති මිසුකොෂි මැතිතුමා අවධාරණය කළේය. JCM යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු ව්‍යාපෘතිය වන මෙම සූර්ය බලාගාරය, පුනර්ජනණිය බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවූ ප්‍රගතියේ ප්‍රධාන පියවරක් නියෝජනය කරන අතර තිරසාර සංවර්ධනය සඳහා රටවල් දෙකෙහිම ඇති කැපවීම මනාව පිළිබිඹු කරයි.

2022 ඔක්තෝබර් මාසයේදී සහයෝගීතා ගිවිසුමක් හරහා පිහිටුවන ලද JCM, මගින් හරිතාගාර වායු විමෝචනය අඩු කරන සහ අඩු කාබන් තාක්ෂණයන් ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති සඳහා සහාය දක්වයි. Shibata Corporation සහ Windforce PLC විසින් මෙම සූර්ය බලාගාරය සාර්ථකව නිම කිරීම, JCM ක්‍රමවේදයේ ධනාත්මක බලපෑම මැනවින් විදහා දක්වයි. මෙම බලාගාරය මගින් පිරිසිදු, තිරසාර බලශක්තිය ලබා දීම, පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය ඉහල නැංවීම සහ පාරිසරික අරමුණු ළඟා වීම සඳහා දායක වනු ඇත. මීට අමතරව, මෙය දේශීය රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති අතර එමඟින් කාන්තාවන් ඇතුළුව අවට ප්‍රජාවගේ සහභාගීත්වය මගින් සංවර්ධන ක්‍රියාවලියට මහත් සහායක් ලබා දේ.

JCM මගින් පාරිසරික අභියෝග වලට විසඋූම් සපයනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ද ඉටු කරයි. උසස් තාක්‍ෂණය සහ ප්‍රවීණත්වය හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන්, JCM මගින් ආර්ථික සබඳතා ශක්තිමත් කරනා අතර අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ඇති කරයි. මෙම ව්‍යාපෘතිය අනාගත සහයෝගීතාවයන් සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කරමින් තිරසාර මුලපිරීම් මගින් පාරිසරික සහ ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගත හැකි ආකාරය පෙන්නුම් කරයි.

තානාපති මිසුකොෂී මැතිතුමා JCM හි ඇති වැදගත්කම නැවත අවධාරණය කරමින්, දැනට ක්‍රියාත්මක සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම ඇතුළුව යෙන් ණය ව්‍යාපෘති හරහා බලශක්ති ක්ෂේත්‍රයට ජපානය විසින් සපයන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද මෙහිදී සඳහන් කළේය. මෙම ව්‍යාපෘතීන් කාබන් විමෝචනය අවම කිරීමට සහ ශ්‍රී ලංකාවේ බල සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජපානයේ අවම පාඩුවීම් ලබාදෙන සම්ප්‍රේෂණ තාක්ෂණය භාවිතා කරයි. ජූලි මස 24 වැනි දින, ජපානය යෙන් ණය නැවත ආරම්භ කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල ව්‍යූහයට සහය දැක්වීමට තමුනට ඇති දැඩි කැපවීම තවදුරටත් අවධාරණය කරයි.
මෙම ව්‍යාපෘතියට සහ සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි. මෙම ජයග්‍රහණය JCM යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවේ පුනර්ජනණීය බලශක්ති ඉලක්ක සඳහා සහය වෙමින් හරිත අනාගතයක් ළඟා කරගැනීම වෙනුවෙන් ඒකාබද්ධ මුලපිරීම් සඳහා පොරොන්දු වූ ආරම්භය සනිටුහන් කරයි.