බේස්බෝල් ක්‍රීඩාව හරහා ජපාන-ශ්‍රී ලංකා සබඳතා වෙනුවෙන් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය අගයමින්, සුජීව විජයනායක මහතා “තානාපතිතුමාගේ ප්‍රශංසාවෙන්” (Ambassador's Commendation) පිදුම් ලබයි
2024/8/13

ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂ සුජීව විජයනායක මහතා “තානාපතිතුමාගේ ප්‍රශංසාවෙන්” (Ambassador's Commendation) පිදුම් ලැබූ බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සතුටින් දන්වා සිටී. බේස්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමෙහිලා විජයනායක මහතා විසින් දරන ලද නොපසුබස්නා උත්සාහය තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වර්ධනය කිරීමෙහිලා එතුමා විසින් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවාව අගයමින්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් මෙම සම්මානය එතුමා වෙත පිරිනමනු ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති බේස්බෝල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයකදී මෙම සම්මානය ප්‍රදානය කරන්නට යෙදුණි. විජයනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කණ්ඩායම් 95ක් සඳහා ජපානයෙන් බේස්බෝල් පිති 241ක් සහ පන්දු 2400ක් පරිත්‍යාග කරනු ලබන අතර, මෙම ප්‍රදානය මෙරට බේස්බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩාවේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදේ.
ජපානයේ ගෞරවනීය බේස්බෝල් විනිසුරුවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රජාව අතර කැපී පෙනෙන චරිතයක් ලෙසත්, විජයනායක මහතා බේස්බෝල් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇත. ඔහුගේ නායකත්වය සහ කැපවීම ක්‍රීඩාවට සදාතනික බලපෑමක් ඇති කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උත්තේජනයක් ලබා දී ඇත.

මෙම සම්මානයෙන් පිදුම් ලැබීම සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලය සුජීව විජයනායක මහතා වෙත සුබ පැතුම් එක් කරනු ලබන අතර, බේස්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ජපාන-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ අඛණ්ඩ දායකත්වය තවදුරටත් අපේක්ෂා කරයි.