ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා අතර සුහද හමුවක්
2024/9/23

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා අතර සුහද හමුවක් පැවැත්විණි. තානාපති මිසුකොෂි මහතා විසින් මැතිවරණයෙන් ජනාධිපතිතුමා ලද ජයග්‍රහණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ ජනතාවගේ පැවති සහභාගීත්වය පිළිබඳව සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම උදෙසා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට සූදානම් බවද තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.