වාද්දුවගේ දොන් දුලිප් චිත්‍රාල් ජයවර්ධන මහතා හට "ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්" සම්මානය පිරිනැමීම ප්‍රකාශයට පත් කරයි
2024/11/4

2024 නොවැම්බර් 3 වන දින, JICA ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හිටපු සභාපති සහ සසකාවා භාරයේ හි හිටපු සභාපති වාද්දුවගේ දොන් දුලිප් චිත්‍රාල් ජයවර්ධන මහතා ජපන් ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා කළ විශිෂ්ට දායකත්වය අගයමින් ජපන් රජය විසින් The Order of the Rising Sun සම්මානයෙන් පිදුම් ලබන ලදී.
ජයවර්ධන මහතා JICA ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකු සහ හිටපු සභාපතිවරයෙකු ලෙස, ජපානයේ සහයෝගීතා ප්‍රතිලාබ අඛණ්ඩව බෙදා හැරීම සහතික කරමින්, JICA ආදි විද්‍යාර්ථයින්ගේ අතර ශක්තිමත් ජාලයක් ඇතිකරමින් ඒය පෝෂණය කිරීමෙහිලා මූලික කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ නායකත්වය යටතේ, සංගමය ආදි විද්‍යාර්ථයින් අතර සබඳතා ශක්තිමත් කළා පමණක් නොව, ජපන් අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුම සහ ශ්‍රී ලංකා-ජපන් රාත්‍රිය වැනි සිදුවීම් හරහා සිය ව්‍යාප්තිය තව තවත් පුළුල් කළේය. මෙම මුල පිරීම් ජපානය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවගේ අවබෝධය පුළුල් කළ අතර JICA ආදි විද්‍යාර්ථයින්ගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් ප්‍රජාව අතර වැඩි අන්තර් ක්‍රියාකාරිත්වයකට ද පහසුකම් සැලසීය.
ප්‍රමුඛ සංස්කෘතික හුවමාරු වැඩසටහන් වලට අමතරව, ජයවර්ධන මහතා වරප්‍රසාද නොලත් ප්‍රජාවන් නඟා සිටුවීමේ අරමුණින් සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරන ලදී. සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම, රුධිර පරිත්‍යාග වැඩසටහන් සහ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් සංවිධානය කිරීමෙහිලා ඔහුගේ නොපසුබස්නා උත්සාහය අසංඛ්‍යාත ජීවිතවලට සදාකාලික බලපෑමක් ඇති කර තිබේ. ජපන් යෙන් ණය මගින් ජාතික රුධිර බැංකුව ස්ථාපිත කළ දා සිට එහි පවත්වන ලද ලේ දන්දීමේ ක්‍රියාකාරකම්, ශ්‍රී ලාංකීය ප්‍රජාවට සේවය කිරීම සඳහා වූ ඔහුගේ කැපවීම මනාව විදහා දැක්වීය. ජයවර්ධන මහතා සිංහ සමාජය සමඟ සහයෝගීතාවයෙන් මෙම ක්‍රියාකාරකම්වල ඵලදායිතාව ඉහළ නැංවූ අතර, ලෝක රුධිර පරිත්‍යාගශීලි දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිට පිට සම්මාන ද ඇතුළුව ජාතික පිළිගැනීමක් ලබා ගත්තේය.
ජයවර්ධන මහතා සසකාවා භාරයේ සභාපතිවරයා ලෙස තම පාලන කාලය තුළ ජපන් - ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. සසකවා ශාලාවේදී, ජපන් කතන්දරකරුවෙකු වන රකුගෝ ප්‍රසංගය සහ ජපන් සංස්කෘතිය පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රවීණයන්ගේ දේශන වැනි බොහෝ අංගයන් සංවිධානය කිරීම ජපන් සංස්කෘතිය ප්‍රචාරණය කිරීමට ඔහුගේ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකාවේ මෑත කාළිනව පැවති ආර්ථික අභියෝගතා මධ්‍යයේ, ජයවර්ධන මහතා ඇතුළු සියලුම සාමාජිකයින්ගේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස සසකවා භාරය 2025 දී විවෘත කිරීමට නියමිත නව සසකවා ශාලාව ඉදිකිරීම සඳහා සසකවා සාම පදනමේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා ඔවුන් සමත් විය. ජාතීන් දෙක අතර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස එහි අඛණ්ඩ භූමිකාව සහතික කිරීම මේ මගින් වඩාත් තහවුරැ වේ.
ජයවර්ධන මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කරන ලද විශිෂ්ට කැපවීම අවංකව අගය කරමින් මෙම සම්මානයට පාත්‍රවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලය සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.