තානාපති ඉසොමතා අකිඕ මහතා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාරදෙයි
2024/11/7

ජපාන තානාපති අතිගරු ඉසොමතා අකිඕ මහතා විසින් 2024 නොවැම්බර් මස 07වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර ප්‍රදානය කරන ලදී.

අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව තානාපති ඉසොමතා මහතා විසින් අධිරාජ්‍ය උතුමාණන් ගේ පණිවිඩය ජනාධිපතිතුමා වෙත සැල කර සිටින ලදී. ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව තුළින් ශ්‍රී ලංකා-ජපාන සබඳතා ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද තානාපතිවරයා ජනාධිපතිතුමා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. මෙම හමුව තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම් යළි තහවුරු විය. දෙරටම එක්ව, අන්‍යෝන්‍ය වර්ධනය, සෞභාග්‍ය සහ කල් පවත්නා හවුල්කාරිත්වයේ අනාගතයක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටිති.

නිල අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ වීඩියෝ දර්ශන පහත දිගුවෙන්:
https://www.facebook.com/share/v/1Exgdu4wCx/?mibextid=WC7FNe
https://www.facebook.com/share/v/1Exgdu4wCx/?mibextid=WC7FNe