තානාපති ඉසොමතා මහතා ගේ සුබ පැතුම් පණිවිඩය
2024/11/15
නොවැම්බර් 14 වන දින පැවති සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු ඉසොමතා අකිඕ මහතා ශ්‍රී ලාංකික ජනතාවට සුභාෂිංශණ පිරිනමයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකීය ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීම අගය කරන එතුමා, අභිනවයෙන් තේරී පත් වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
දශක ගණනාවක් පුරා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. නොවැම්බර් 14 වැනිදා පවත්වන ලද මහ මැතිවරණය මෙන්ම සැප්තැම්බර් මාසයේදී පවත්වන්නට යෙදුණු ජනාධිපතිවරණය ද සමඟින් අපගේ ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බව ජපානය විශ්වාස කරයි.
අප දෙරටේ සහ ලෝකයේ සාමය හා සෞභාග්‍යය අත්කර ගැනීමටත්, අන්‍යෝන්‍ය විශ්වාසය තව තවත් ගැඹුරු කිරීමටත්, අප දෙරට අතර මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ රජය, අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට ජපානය අපේක්ෂා කරයි.