ජපානය ශ්‍රී ලංකාවේ ආපදාවට ලක්වූවන් හට හදිසි ආධාර සපයයි
2024/12/7

දෙසැම්බර් මස 7 වැනි දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා
විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්යකොන්තා මහතා වෙත හදිසි ආපදා සහන භාණ්ඩ ප්‍රදානය කරන ලදී. පසුගිය දා දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුනු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත් වූවන් වෙත ලබාදීම සඳහා මෙම භාණ්ඩ වෙන් කෙරුනි. මෙදින සවස්යාමයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවැත්වුණු මෙම භාරදීමේ උත්සවයට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා යන මහත්වරු ද සහභාගි වූහ. පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතරට කූඩාරම් 230 ක්, නිදාගැනීමේ පෑඩ් 1,300 ක් සහ ටාපෝලින් ෂීට් රෝල් 30 ක් ද ඇතුළත් වේ.


සිය කතාවේදී තානාපති ඉසොමතා මහතා විපතට පත් වූවන්ට සිය බලවත් ශෝකය සහ සංවේගය පළ කළ අතර ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට අත්‍යවශ්‍ය අවස්ථාවන් හී දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ජපානයේ ඇති නොසැලෙන කැපවීම එතුමා මෙහිදී අවධාරණය කළේය.
මෙම නවතම හදිසි ආධාර වටයට අමතරව, ජපානය විසින් ජපන් රජය විසින් අරමුදල් සපයන UNFPA ව්‍යාපෘතියක් හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල විපතට පත් කාන්තාවන් සඳහා හදිසි ජීවිතාරක්ෂක කට්ටල බෙදා දී ඇත. උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයට සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය ඖෂධ බෙදා හැරීම මගින් ජයිකා ආයතනය ද මෙම ආපදා තත්ත්වයන්ට සහය සැපයීමට ජපන් රජය සමග අත්වැල් බැඳ ගත්තේය.

ජපානය, තවඋූරටත් ශ්‍රී ලංකාවට ඇතිවන ආපදා සහ ඒ් අනුව ඇතිවිය හැකි අවදානම් අවම කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා දිගුකාලීන කැපවීමකින් කටයුතු කරන අතර ඒ් සමඟින් අවශ්‍යතා ඇති ජනගහනයට ඵලදායී ලෙස ආධාර ලැබීම සහතික කිරීම සඳහා පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වේ.