තානාපති අකිඕ ඉසොමතා මහතා රජරට විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා විද්‍යාගාරයේ සංචාරයක යෙදෙයි

2025/2/10

පෙබරවාරි 10 වන දින රජරට විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා, එහිදී ජපන් රජය විසින් පරිත්‍යාග කරන ලද ජපන් භාෂා විද්‍යාගාරය නැරඹූ අතර, අතර වැඩබලන උපකුලපතිවරයා, පීඨ සාමාජිකයින් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සාකච්ඡාවන්හි නිරත විය.
 
ජපන් භාෂා විද්‍යාගාරයේ සිදුකළ සංචාරයේදී තානාපති ඉසොමතා මහතා ජපන් භාෂාව හදාරන සිසුන් හමුවී භාෂා අධ්‍යයනය අඛණ්ඩව සිදුකරගෙන යාමට ඔවුන් දිරිමත් කළ අතර, ජපානයේ රැකියා අවස්ථා විවෘත වීම සහ දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය වීම වැනි ජපන් භාෂාව ඉගෙනීමේ ප්‍රතිලාභයන් ඉස්මතු කළේය. රජරට විශ්ව විද්‍යාලය වෙත අනුයුක්තව සේවය කරන ජයිකා (JICA) ස්වේච්ඡා සේවිකාවක් වන නගායි මහත්මිය විසින් එම විශ්ව  විද්‍යාලයේ ජපන් භාෂා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා  දක්වනු ලබන දායකත්වය මෙහිදී තානාපතිතුමාගේ ඇගයීමට ලක්විය.


භාෂා විද්‍යාගාරයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව තානාපති ඉසොමතා මහතා රජරට විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා සහ පීඨ සාමාජිකයින් හමුවූ අතර, එහිදී ඔවුන් විසින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යයන සහයෝගීතාව සහ අධ්‍යාපන හුවමාරු සඳහා ඇති අනාගත අවස්ථාන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.


මෙම සංචාරය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් අධ්‍යාපනික හා සංස්කෘතික සබඳතා පිළිබිඹු කරන අතර, ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමේදී පුද්ගලයින් අතර හුවමාරුවේ වැදගත්කම අවධාරණය කරයි. දෙරට අතර භාෂා ඉගෙනීම සහ අධ්‍යයන සහයෝගීතාව ප්‍රවර්ධනය කරන මුලපිරීම් සඳහා ජපාන තානාපති කාර්යාලය අඛණ්ඩව සහාය දක්වනු ඇත.